Friday, July 22, 2016

මගේ ඇඳේ මම නිදා ගැනීම

මගේ ඇඳේ මම නිදා ගැනීම

රාගම ශික්ෂණ රෝහලේ සේවය කරන අවධියේ සෑම බ්‍රහස්පතින්දාවකම වාට්ටු භාර හෙද සොයුරියන් සමග අදාළ වාට්ටු වල ගැටළු සාකච්චා කිරීම මගේ පුරුද්දයි. එක දිනක අලුත් වාට්ටු සංකීර්ණයේ හෙදි සොයුරියක් තමාට බරපතල ගැටළුවක් විසඳා ගැනීමට ඇති බව කියා සිටියාය. ඇයගේ ගැටලුව වුයේ වාට්ටු කොරිඩෝ අවහිර කරමින්  වසර ගණනක් පුරා ගොඩගසා  ඇති රෝගී ඇඳන් ඉවත්කර ගැනීමට ක්‍රමයක් නොමැති වීමයි. මම අදාළ වාට්ටුවට  ගොස් ඇයගේ ගැටළුව  පිලිබඳ සොයා බැලුවෙමි. අහෝ ඛේදයකි ! පිටරටකින් ආනයනය කරන ලද ඇදන් විශාල ප්‍රමාණයක් කොටස්වලට ගලවා අල ලූනු ගොඩවල් වගේ කොරිඩෝවේ ගොඩගසා තිබුණි. මේවා අබලි භාණ්ඩ ලෙස නම්කර ඉන්වෙන්ට්‍රි වලින් ඉවත්කර ගැනීමට නියමිතව තිබුණි. එහෙත් ඇඳන් කැබලි ගොඩ දුටු සැනින් මට හිතුනේ මෙතරම් වටිනා ඇඳන් කොටස් එකලස් කර ප්‍රයෝජනයට ගත හැක්කේ කෙසේද යන්නයි. මේවා ඔස්ට්‍රේලියාවෙන් ආනයනය කරන ලද ඉතා සුව පහසු ස්වයංක්‍රීය  ඇඳන් බව දැනගත් මා ඒවා එකලස් කල හැකි අයෙකු රෝහල් නඩත්තු අංශයේ සිටීදැයි සොයා බැලුවෙමි. මා මෙම රෝහලට පැමිණි පසු නඩත්තු අංශයට අනුයුක්ත කරන ලද තරිඳු නමැති තරුණ සේවකයා මෙම කාර්ය ඉටු කිරීම සඳහා ස්වේච්චාවෙන් ඉදිරිපත් වුනේය. රිමොර්ට් කොන්ට්‍රෝල් මගින් ක්‍රියා කරන මෙම ඇඳන් දොළහක් යථා තත්වයට පත්කිරීමට අමතර කොටස් වලට  වියදම් වුයේ රුපියල් විසිපන්දාහක් පමණයි. දින දහයක් වගේ කෙටි කාලයක් තුල සියලු ඇඳන් එකලස් කර යථා තත්වයට පත්කර අලුතෙන් ගෙනා කෝච්චි පෙට්ටි වගේ කොරිඩෝව දිගේ නවතා තැබුවේ ඉතාම ආඩම්බරයෙන්. වෙළඳපොල වටිනාකම රුපියල් ලක්ෂ දෙකක් පමණ වූ මෙම ඇඳන් සෑම වාට්ටුවකටම එක බැගින් බෙදා දීමේ අරමුණින් මෙසේ ගාල් කර තිබියදී , එක්තරා රාත්‍රියක කාලකන්නි කණ්ඩායමක් විසින් ඇඳන් කිහිපයක වයර් කපා දමා තිබුනේ කාගෙන් පලිගනීමටදැයි මට තාමත් නොවැටහේ.  මේ සිද්ධිය නිසා කපා දැමු වයර් කොටස් නැවත අලුත්වැඩියා කර එක දිනක් ඇතුලත බලහත්කාරයෙන් වාට්ටු වලට බෙදාහැරියෙමි. ( Bar Bed  හෙවත් සිහිමද  රෝගීන්ගේ ආරක්ෂාවට වැටවල් යෙදු මෙම ඇඳන්  සෑම වාට්ටුවකම Acute Patient Bed  ලෙස යොදා ගැනීමට ඉතා සුදුසුය)
අපේ රටේ බොහෝ වාට්ටු වල ඇත්තේ සුද්දගේ කාලේ හැදු, කල්පනාවෙන්  නිදා නොගත්තොත් අනිවාර්යයෙන්ම බිමට වැටෙන ඉතා රළු පරළු ඇඳන් වන අතර , හරිනම් මේ සියලු ඇඳන් වෙනුවට නවීන ඇඳන් යෙදිය යුතුය. එහෙත් දොස්තරලා නර්ස්ලා ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කලාට ඒවායේ නිදාගන්නේ නැති බැවින් ලෙඩාට ඇති රුදාව නොදන්නවා විය හැක. හදපු ඇඳන් දොළහත් බලහත්කාරයෙන් වාට්ටු වලට ඔබන්නට සිදු වුයේ ඒ නිසාම වෙන්න ඇති. කෙසේ වුවත් හදපු ඇඳන් ටික නඩත්තු නොකරන එවුන්ට දෙවියන් වහන්සේ ඊ ළඟ ආත්මේ පැදුරු කඩමාල්ලක්වත් නොදෙන්නට වගබලා ගැනීමට ඉඩ ඇති බැව් නම් සහතිකයි. ඒ නිසා පරෙස්සම් වෙයල්ලා.

පසුගිය ජුනි මාසයේ දැඩි ලෙස රෝගාතුරවී රාගම රෝහළේ 16 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන්නට මට සිදුවුණා. ඒ වෙලාවේ නර්ස් නෝනා මට දුන්නේ සුද්දගේ කාලේ පරණ ඇඳක්. මට ටිකක් තරහා ගියත් ඒ බව නොපෙන්වා , තරිඳු ලවා මා නැවත පුනරුත්ථාපනය කල ඇඳක් මට සොයා දෙන ලෙස ඉල්ලා සිටියා. සැනෙකින් මට එවැනි ඇඳක් ලැබුණා. ඔන්න මම මගේ ඇඳේ  නිදා ගත්තා. සතියක් තිස්සේ ඒ ඇඳේ ඉඳන් අත් දෙකටම පැය අටකට වරක් බෙහෙත් විද්දත් කිසි අමාරුවක් නැතිව මම හදපු ඇඳේ සැපට නින්ද ගියා. මම රෝහල් වාට්ටු වල ගැටළු සොයාගත්තේ දිනපතා  රාත්‍රී වාට්ටු නිරීක්ෂණය කිරීමෙනුයි. එත් මම මේ රෝහලේ නේවාසිකව හිටපු සතිය පුරා එක දවසක්වත් , කිසිඳු රෝහල් බලධාරියෙක් වාට්ටු නිරීක්ෂණයක් සිදු කලේ නැහැ. (සමහරවිට රෝහලේ ප්‍රශ්න ඔක්කොම මේ වනවිට විසඳලා ඇති ) එකලස් කරපු ඇඳක් ළඟ තරිඳු මල්ලියව තියල පොටෝ එකක් ගහල තියාගත්තේ මේ ඇඳන් හදන්න බෑ , මේවා පාවිච්චි කරන්න බෑ කියලා තමන්ගේ යුතුකම මග හරින , නිදහසට කරුණු කියන එවුන්ට තරු පෙන්නන්නයි. මම කරපු වැඩ ලියන එකත් සමහර එවුන්ට විසයි. යකෝ කන්නු කොරු වගේ ඉන්නේ නැතිව මේ වගේ සම්පත් යකඩ වලට විකුණන එක නවත්තපල්ලා. මට ගරහන්නේ නැතිව උඹලත් දුවිලි මකුළුදැල් අතගාල මේවා හොයා බලපල්ලා. බදූ ගහල ණය ගෙවන තැනට මේ රට පත්වුණේ අරපරෙස්සම ,නඩත්තුව ගැන වගේ වගක් නැතුව වැඩ කරපු ගොයියලගේ කෙරුවාව හින්ද බව මතක තියා ගනිල්ලා. ( භාෂාව රළු වැඩිනම් මයිත්‍රී වේවා - තොප්පිය හරිනම් දා ගනිල්ලා )  මගේ ලිවීමේ ශෛලිය තුල අධිමානසික හා ආවේගශීලී බවක් පෙන්වන බවක් එක් මිතුරියක් ඉතා සද්භාවයෙන් කමෙන්ට් කර තිබුණා. ඒකට මට ලියවෙන්නේ මෙන්න මෙහෙමයි. “අනේ මැණිකෝ, මේවා දැක්කම මට මල පනිනවා යකෝ ” 



Tuesday, July 12, 2016

කැන්ටින් හිමියාගේ විළිරුදාව





මම හැදු පාර මමම වීවෘත කළා

රාගම ශික්ෂණ රෝහල වෙත 2015 වසරේ අග භාගයේදී නියෝජ්‍ය අධ්‍යක්ෂ වරයෙකු ලෙස මා පත් වුයේ මගේ වෛද්‍ය පරිපාලන පශ්චාත් උපාධි කටයුතු අවසන් වී ඊළඟ වාර්ෂික පත්වීම ලැබෙන තුරු තාවකාලික සේවා ස්ථානයක් ලෙසයි. මට වැටුප් ගෙව්වේද සෞඛ්‍ය අමාත්‍යංශයේ කොළඹ කාර්යාලයෙන් වූ අතර පත්වීමේ ලිපියද මාස තුනෙන් තුනකට දීර්ඝ කරන ලද්දකි. උලත් එකයි පිලත් එකයි න්‍යාය අනුගමනය කල මට රාජකාරී ඉටු කිරීම සඳහා මේ කිසිවක් බාධාවක් වුයේ නැත. මා හට නිශ්චිත කාර්යාලයක් නොතිබූ අතර, මා විසින්ම සුපිරි කාර්යාලයක් සතියක් ඇතුලත සාදා ගන්න ලදී. එවකට රෝහල් අධ්‍යක්ෂ වරයා වූ සෑම් සමරනායක මහතා  ඉතා ඉහල මානුෂික ගති වලින් හෙබි කාරුණික පුද්ගලයෙකු වූ අතර, මගේ හැකියාවන් හදුනාගත් ඔහු මා හට වැඩ කිරීමට අවශ්‍ය බලය නිර්ලෝභීව හා දැඩි විශ්වාශයෙන් යුතුව විමද්‍ය ගත කළේය. ඉබ්බා දියේ  දැම්මාම ඇන්නාවේ කිව්වා සේ ඉන් පසු ක්‍රියාත්මක වුයේ ඕනෑ යකෙක් දෙකයි පනහයි, මම වත්තල මා බෝලේ චන්ඩියා න්‍යායයි. (මේ ලිපි කියවන හැමෝටම හිතට නැගෙන්නට පුළුවන් හැම තැනම මට ආරුඪ වෙන චන්ඩි න්‍යාය මොකක්ද කියා )

එහෙනම් අහගන්න;  මගේ වේගවත් හා අධිෂ්ඨාන සහගත තීරණ ගැනීම් හමුවේ බොහෝ අය නිතරම් කියූ කතාවක් තිබුනා. “සර් පරිස්සමින් ! මේකේ හිටපු ඒ. ඕ. මහත්තයටත් (පරිපාලන නිලධාරීයාට ) පිහියෙන් ඇන්නා. ඉස්පිරිතාලෙයි, රාගම ටවුමේ අයයි, ඔය ත්‍රී වීල් සෙට් එකයි ඔක්කොම  එකාට එකා සම්බන්ධයි. “උන්ට ගිහින් කියාපියව් , අලුත් ඩී. ඩී. වනාතමුල්ලෙන් පටන් අරන් හලාවත මාළු කාරයෝ සෙට් එකට වැඩේ දීල දඹුල්ලේ එළවලු චන්ඩින් එක්ක හැප්පිලා , මාරවිල මූදුකටුවේ එවුන්ට බණ කියලා රහත් කරවලා ආපු වත්තල මාබෝලේ පැත්තේ ඉඳලා එන මහා අසමජ්ජාති එකෙක් කියලා. (වැඩක් කරන්න හදනකොට බොරු බිල්ලෝ මවන මේ ලෝකෙන් උතුම් රටේ කල්ලි ගැහුන රස්තියාදු කාරයන්ට මගේ ළඟ තියෙන පස් පංගුව තමයි ඔය ). මේ ස්ලෝගන් එක මම ඉතා වේගයෙන් පතුරුවා හැරියා.  මම දැන් රාගම ඉස්පිරිතාලෙට ගියත් ත්‍රීවීල් මල්ලිලා කොහොමද සර් කියලා මා ලඟට එන්නේ සීරුවෙන්. (මේවට ගොන් පාට් කිය කියා ඉන්නේ නැතිව උඹලත් පෞරුෂය ගොඩ නගා ගනිල්ලා ) මොහොමඩ් අලි අධ්‍යනය කරන්න. මේක ඔහුත් අනුගමනය කල න්‍යායක්.  මේ ක්‍රමයට ග්‍රවුන්ඩ් ලෙවල් එකේ බලය තහවුරු කර ගත් මම සමරනායක සර්ගේ හිතේ තිබුණ ප්ලෑන් ඔක්කොම් මාස හයෙන් ක්‍රියාත්මක කරලා ඉවර කළා.



හැම ආයතනයකම වගේ රාගම්දීත් මම කෑම කෑවේ පොදු ආපන ශාලාවෙන්. රෝහලේ සිදුවෙන අකටයුතු බොහොමයක් කැන්ටිමේ ඕපාදුප වලින් දැනගන්න පුළුවන්. ජනමාධ්‍ය දැන ගන්නේ බොහොම පහුවෙලා. අනිත් හැම තැනම වගේ රාගම කැන්ටින් හිමියාත්  මට හරි හිතවත්. ඔහු හොඳ දරු පවුලක් රැක්ක වැදගත් මහත්මා ගතිගුණ සහිත අයෙක්. ඔහු නිතරම මම කල හොඳ වැඩ ගැන  මහා ඉහලින් අගය කලේ මෙතෙක් කවුරුත් නොකළ විශ්වකර්ම වැඩ ගානට.  මගේ වැඩ අගය කරන ගමන් ඔහු මට හැමදාම දුක් ගැනවිල්ලක් කියනවා. “සර් මොන වැඩේ කලත් වැඩක් නෑ. එක වැඩක් නැතිව” මොකක්ද ඔය වැඩේ ? මම ඇහුවා. “ සර් ඔය පුද්ගලික වෛද්‍ය විද්‍යාලෙ කාලේ   ජෙ. ආර්  මහත්තයා හදපු බිල්ඩිමේ ඔපරේෂන් තියටර් එකයි දැන් අවුරුදු 50 ක් විතර පරණ වාට්ටුයි අතර පහුගිය අවුරුදු 25 හේම සීසර් කරපු ලෙඩ්ඩුයි, අනිත් ඔපෙර්ශන් ලෙඩ්ඩුයි ට්‍රොලියේ දාගෙන උඩ පැන පැන අරන් යනකොට ලෙඩ්ඩු තුවාල වේදනාවෙන් කෑ ගහන හැටි පොඩ්ඩක් බලන්න සර්. මගේ දුවල දෙන්නත් මේ වේදනාවට මුහුණ දුන්නා. මම ඒ ගැන දන්නේ ඒ නිසයි.” මට මේ ගැන කවුරුත් කියලා තිබුනේ නෑ. මම එදාම කාරණේ හොයලා බැලුවා. ඉදිකිරීම් ලිපිගොනු බැලුවා. මීටර් 300ක් විතර වූ මේ කොටස රළු කොන්ක්‍රීට් පමණක් අතුරලා තිබුනා.  ලෙඩ්ඩු පටවාගෙන ට්‍රොලිය යනකොට හරියට පරණ බඩු කෝච්චියක සද්දේ එනවා. මේක ටෙරාසෝ කරන කාගීල්ස් යෝජනාවට රුපියල් ලක්ෂ 25 ක් ඇස්තමේන්තු කරලා තිබුනා. ලක්ෂ පහේ තව යෝජනාවක් තිබුනා. ඔක්කොම ෆයිල් වල විතරයි වැඩේ කෙරිලා නෑ.  පුදුමේ කියන්නේ සමරනායක සර්ටත් මේක හදන්න ඕනෑ කියන සිතිවිල්ල ඇවිත් තිබුනා. ඔහු මට කථා කරලා ඇහුවා මේක හදන්න පුලුවන්ද කියලා .මම කිව්වා පුළුවන් කියලා. මගෙන් ඇහුවා මොනවද ඕනේ කියලා. වැලි කියුබ් 2යි සිමෙන්ති කොට්ට 25 යි, නඩත්තු අංශේ කොල්ලෝ සෙට් එකයි, මමයි. (දැන් අහයි ඇස්තමේන්තුවැ හැදුව හැටි - ප්‍රායෝගික ශිල්පීය ඥානය හැමෝටම නෑ ). 



මේ වැඩේ වැරදුනොත් මගේ රස්සාව ගහල යන බව මම දන්න වා. ඒ නිසා සියල්ල කෙරුවේ  මුල්‍ය රෙගුලාසි අනුගමනය කරමින්. කුලියාපිටියේ මගේ පළපුරුදු මේසන් බාස්ව ගෙන්වා ගත්තා. වැලි හලන එකේ ඉඳලා සිමෙන්ති අනලා සුද තියලා ඉවර වෙනකම් මම ලඟින් හෙල්ලුනේ  නෑ. (මම තමයි පඩි නැති  වැඩ පරීක්ෂක ).  සෙනසුරාද  උදේ පටන් ගත්ත වැඩේ ඉවර වුනේ සඳුදා පාන්දර. හැමෝට හුඟක් මහන්සියි. එත් වැඩේ ඉතා ඉහලින් කුලියාපිටියේ බාස් උන්නැහේ කරලා තිබුණා. අවුරුදු 27ක් ඔපෙරේෂන්  කරලා වාට්ටු වලට  ගෙනියන රෝගීන්ට  බටලන්දේ ක්‍රමයට වධ දීම මම දවස් තුනෙන් නැවැත්තුවා. වියදම රුපියල් පනස්දාහයි. මම කැට තියලා කියන්නම් දැන් මේක ඇස්තමේන්තු කලොත් ලක්ෂ 50 ක් කියනවා සිකුරුයි.  මේ වැඩේ නඩත්තු අංශයට පවරන්නේ නැතිව නියෝජ්‍ය අධ්‍යක්ෂකට පැවරුවේ ඇයි කියලා එක සහෝදරයෙක් ප්‍රශ්න කරලා තිබුනා. අපේ හිටපු ගම්මුලාදෑනියෝ අම්බලමක් වුනත් හැදුවේ අදටත් ගුල්ලෝ ගහන්නේ නැති අනර්ඝ ලී යොදලා. මේ රටට බෝ කරපු අසමජ්ජාති කොන්තරාත් ක්‍රමය විසින් එකට සීයක් වියදම හදලා මාස දෙකෙන් කඩා වැටෙන ඉදිකිරීම් කරන කාලකන්නි කොන්ත්‍රාත් කාරයාව පෝසත් කරන ක්‍රියාදාමය සරුවට නැගලා යනකොට ඉස්පිරිතාලේ බජට් එක මාස හයෙන් වාෂ්ප වෙනවා. මට නිදහස් අධ්‍යාපනයෙන් ජීව විද්‍යාව එක්ක භෞතික විද්‍යාවත් ඉගැන්නුවේ ඕනෑ වුන වෙලාවක ප්‍රයෝජනයට ගන්න තමයි. මගේ මොලේ වම දකුණ දෙකම නිදහස් අධ්‍යාපනයෙන්මම දියුණු කර ගත්තා. මගේ ලොක්කා ඒක දැනගෙන ඉන්න ඇති. ඒකයි බය නැතිව වැඩේ මට භාර දෙන්න ඇත්තේ. (පරාර්ථකාමී මිනිසුන්  ලෝකය තවත් ලස්සන කරයි කියලා වෙළඳ දැන්වීමක තිබුණා) . 

Monday, July 11, 2016


රතු ඉර නිසා බෝම්බේ මිස් වූ මිසීලා ;--

දඹුල්ල මුලික රෝහලේ වෛද්‍ය අධිකාරී වරයා ලෙස සේවයට ගිය දා සිට එහි හෙද නිලධාරීන්ගේ පැමිණීමේ ලේඛනය පෙ. ව. 7.15 ට මා විසින් අත්සන් කිරීම නිසා ප්‍රමාද වී පැමිණෙන උදවිය මා සමග පසු වුයේ තද බල කෝපයෙන්. හෙද නිලධාරීන්ට ප්‍රමාද වී පැමිණීමට කිසි සේත් ඉඩ නොදුන් නිසා තමන් රෝහලට පැමිණෙන බස් රථය වෙනස් කිරීම හැර ඔවුන්ට වෙනත් විකල්පයක් තිබුනේ නැහැ. මේ නිසා අකමැත්තෙන් උවත් ද...ඹුල්ල රෝහල අසලට පෙ.ව. 6.50 ට ලඟා වන බසයේ ඒමට හද නිලධාරීන් පුරුදු උනා. එක්තරා සෙනසුරාදා දිනක දඹුල්ල නගරයේ මහා ඛේදවාචකයක් සිදු උනා. අනුරාධපුරයේ පැවැත්වෙන පිච්ච මල් පුජාවට යමින් සිටි මහා සෙනගක් සිටි බස් රථයක බෝම්බබයක් පුපුරා ගියේ 14 දෙනෙකුට එතැනම දිවි අහිමි කරමින් ,තවත් 140 දෙනෙකුට බරපතල තුවාල සිදු කරමින්. එදින දහවල් 12.30 ට ජන මාධ්‍ය සඳහා මා විසින් සමාලෝචනයක් සිදු කරනු ලැබුවා. එතැන දඹුල්ල ප්‍රාදේශීය ලේකම් තුමිය වූ හේරත් මහත්මියත් සිටියා. එතුමිය පිරිසට ඇහෙන්න අපුරු කතාවක් කිව්වා. "මේ රෝහලේ හෙදියන් විශාල පිරිසක් අපේ වෛද්‍ය අධිකාරී තුමා නිසා අද තමන්ගේ ජීවිතේ බේරුනා කියලා කියනවා ඇහුණා. වෙනදා නර්සස් ලා 20 ක් 30ක් විතර වැඩට එන්නේ මේ බෝම්බේ පුපුරපු බස් එකේ. ලොකු මහත්තයා රතු ඉර ගහන නිසා මාස ගානක ඉඳන් ඒ අය වැඩට එන්නේ 6.45 බස් එකේ. අදත් හැමෝම ඇවිත් තියෙන්නේ ඉස්සෙල්ල බස් එකේ. බෝම්බ බස් එකේ අද ඇවිත් තියෙන්නේ එක හෙදියයි . එයාට සුළු තුවාල තියෙන්නේ." දඹුල්ල ලංකාදීප වාර්තාකරු කාන්චන ආරියදාස මහතා ඒ කාලේ මේක වාර්තා කරලා තිබුනේ "වෛද්‍ය අධිකාරීගේ රතු ඉර නිසා හෙදියන්ගේ දිවි බෙරේ" කියලයි. ඒ අස්සේ එක ඇම්ඩන් කෙනෙක් අහපි සර් කොහොමද බෝම්බෙ 6.50 බස් එකෙ පිපිරුවනම් එහෙම කියලා. කොහොමද උගේ පොසිටිව් තින්කින් ? See More









Tuesday, July 5, 2016

දැන් ඇතිද ?





දැන් ඇතිද ? 

"දැන් ඇති "මේ මගේ ලිවීම ගැන වෘතීය සඟයෙකුගේ පණිවිඩයකි. "ගොන් පාට්" ඒ දඹුල්ල රෝහලේ ඖෂධ වේදියෙකුගේ අදහස් දැක්වීමකි. "සෙල්ෆ් ඇප්රිෂියේශන්" ඒ වයඹ පළාතේදී එකම එක දේශපාලන බලපෑමකින් අම රිකාගත වූ වෘතිය සඟයාට ජුවල් ගිය ආකාරයයි. මේ සියල්ල අතරේ ෆේස් බූක් එකම ගිනි තියනවා කියා හිතන සඟයන් ද, මේ ලිපි දිහා නොබලා සිටීමෙන් හිත අවුල් නොකර ගෙන සිටින්නන්ද , මුගේ චරියාව දොස්තරකමට කොහෙත්ම ගැලපෙන්නේ නැති බ...ව මූනට මුලිච්චි උණ වෙලාවක කියන්නම් කියා සිතන අයද , ඊයේ හොඳ ලිපියක් දැක්කා ,මම ලයික් එකකුත් දැම්මා කියන අයද මේ දවස් වල මට හමු වන අතර මගේ ෆේස් බුක් ගිණුමට එන friend requests ප්‍රමාණය සිතාගත නොහැකි අයුරින් ඉහල ගොස් තිබෙන අතර ,මේ රෙක්වෙස්ට් කරන්නන් සමාජයේ සියලුම ස්තරයන් නියෝජනය කිරීම මට නම් අදහා ගත නොහැක්කකි.
ඒ අතර ෆේස්බුක් අඩවියේ සංසරණය වන පහත සඳහන් ලිපිය මගේ ඇස ගැටුනා.

"Face book හරහා අහම්බෙන් හමුවූ දොස්තර මහත්තුරු දෙන්නෙක්ගේ post මහත් අභිරුචියෙන් කියවන්නට ඇබ්බැහි වී following settings වල see first list එකටත් එකතු කරගෙන තියෙනවා. තමන්ගේ අද්විතීය ජීවන අත්දැකීම් face book තුලින් සමාජ ගත කරන ඔවුන්ගෙන් ගත හැකි ආදර්ශ බොහෝයි. A T. sudarshana දොස්තර මහත්තයා රෝහල් පරිපාලන අංශයේ ගෙවුණු තම වෘතීය ජීවිතයේ අභියෝග ජයගත් හැටි අපුරු ලෙස අකුරු කරනවා" 

වෘතීය ඊර්ෂ්‍යාව අතහැර අදාළ වෘතිකයන් තේරුම් ගත යුත්තේ මෙම සත්‍යයයි. රෝහල් 10 ක දී මා ලැබූ අත්දැකීම් case studies ලෙස අධ්‍යනය කිරීමයි. 

"ඕපාදූප, දේශපාලනය ,ආදී නොයෙක් හේතු නිසා ගොඩ දෙනෙක්ට face book එපා වෙලා. මොහොතක් මේ අපුරු මිනිසුන් දෙදෙනාගේ අත්දැකීම් කියවා බලන්න. ඔබ නිසැකයෙන්ම තෘප්තිමත් වේවි."එහි තව දුරටත් සඳහන් වෙනවා.

ඇතැම් තරුණයන් ස්වෙච්චාවෙන් මා වෙනුවෙන් බ්ලොග් අඩවි නිර්මාණය කර තිබෙනවා. මා වඩාත් සතුටු වන්නේ මේ රටේ තරුණ පරපුර මගේ ලිපි පෙලට දක්වන අසීමිත ආකර්ෂණය පිළිබඳවයි. එමෙන්ම මේ රටේ විද්වත් පරපුර මගේ ලිපි පෙළ මත හදාගත් සාකච්චා මේසය පිළිබඳවයි. බොහෝ උදවිය දවසේ පත්තරය එනතුරු බලා ඉන්නවා සේ මගේ අලුත්ම ලිපිය ියවන්නක බලා සිටිනවා. දුටු සැනින් තම මිතුරන්ට එම ලිපිය share කරණවා.කුණුහරුප සින්දු කියන සුපර් ස්ටාර් ලා ඔවුන්ගේ වීරයා වෙනවා වෙනුවට මා ඔවුන්ගේ වීරයා වීම හොද නැද්ද? 

මා හැම විටම සේවයට ගියේ මට ඕනෑ රෝහලට නොව කිසිවෙකුත් භාර ගැනීමට අකමැති වූ නිසා අරාජිකව තිබී මට භාර දුන් ඉස්පිරිතාලවලටයි. කොළඹපිටත වට රවුමේ රැඳෙන්නට මා කිසි විටෙක සැලසුම් සහගතව ක්‍රියා කලේ නැති නිසා ඉබේම මට කෙටි කලකින් විශාල අත්දැකීම් ප්‍රමාණයක් ලැබුණා.තමන්ට ලියන්නට අත්දැකීමක් නැති උදවිය මගේ අව්‍යාජ අත්දැකීම් පොදු ජනයා ඉදිරියේ සටහන් කිරීම ගැන කනස්සලු විය යුතු නෑ. එබැවින් මිත්‍රවරුණි මට කියන්නට තියෙන්නේ දැන් මා කැමති වුනත් ලිවීම නතර කිරීමට බොහෝ පිරිසක් මට ඉඩ නොදෙන බවයි. මගේ ලිවීම ගැන තවමත් අකමැත්ත ප්‍රකාශ කර ඇත්තේ තිදෙනෙක් පමණක් බැවින් වසර 18 ක් තිස්සේ ඔබ හීනෙන්වත් අත්නොදුටු එහෙත් මම කටුක ලෙස ජයගත් අත්දැකීම් සියල්ල දුක දිනා ජය ගත හැකි බව ප්‍රායෝගිකව පෙන්වා මේ රටේ මිනිසුන්ව අභිප්‍රේරණය කිරීමේ අරමුණින් තවදුරත් ලියන්නට තීරණය කල බව මෙයින් දන්වා සිටිමි
ඒ අතර ෆේස්බුක් අඩවියේ සංසරණය වන පහත සඳහන් ලිපිය මගේ ඇස ගැටුනා.
"Face book හරහා අහම්බෙන් හමුවූ දොස්තර මහත්තුරු දෙන්නෙක්ගේ post මහත් අභිරුචියෙන් කියවන්නට ඇබ්බැහි වී following settings වල see first list එකටත් එකතු කරගෙන තියෙනවා. තමන්ගේ අද්විතීය ජීවන අත්දැකීම් face book තුලින් සමාජ ගත කරන ඔවුන්ගෙන් ගත හැකි ආදර්ශ බොහෝයි. A T. sudarshana දොස්තර මහත්තයා රෝහල් පරිපාලන අංශයේ ගෙවුණු තම වෘතීය ජීවිතයේ අභියෝග ජයගත් හැටි අපුරු ලෙස අකුරු කරනවා"

වෘතීය ඊර්ෂ්‍යාව අතහැර අදාළ වෘතිකයන් තේරුම් ගත යුත්තේ මෙම සත්‍යයයි. රෝහල් 10 ක දී මා ලැබූ අත්දැකීම් case studies ලෙස අධ්‍යනය කිරීමයි.

"ඕපාදූප, දේශපාලනය ,ආදී නොයෙක් හේතු නිසා ගොඩ දෙනෙක්ට face book එපා වෙලා. මොහොතක් මේ අපුරු මිනිසුන් දෙදෙනාගේ අත්දැකීම් කියවා බලන්න. ඔබ නිසැකයෙන්ම තෘප්තිමත් වේවි."එහි තව දුරටත් සඳහන් වෙනවා.
ඇතැම් තරුණයන් ස්වෙච්චාවෙන් මා වෙනුවෙන් බ්ලොග් අඩවි නිර්මාණය කර තිබෙනවා. මා වඩාත් සතුටු වන්නේ මේ රටේ තරුණ පරපුර මගේ ලිපි පෙලට දක්වන අසීමිත ආකර්ෂණය පිළිබඳවයි. එමෙන්ම මේ රටේ විද්වත් පරපුර මගේ ලිපි පෙළ මත හදාගත් සාකච්චා මේසය පිළිබඳවයි. බොහෝ උදවිය දවසේ පත්තරය එනතුරු බලා ඉන්නවා සේ මගේ අලුත්ම ලිපිය ියවන්නක බලා සිටිනවා. දුටු සැනින් තම මිතුරන්ට එම ලිපිය share කරණවා.කුණුහරුප සින්දු කියන සුපර් ස්ටාර් ලා ඔවුන්ගේ වීරයා වෙනවා වෙනුවට මා ඔවුන්ගේ වීරයා වීම හොද නැද්ද?

මා හැම විටම සේවයට ගියේ මට ඕනෑ රෝහලට නොව කිසිවෙකුත් භාර ගැනීමට අකමැති වූ නිසා අරාජිකව තිබී මට භාර දුන් ඉස්පිරිතාලවලටයි. කොළඹපිටත වට රවුමේ රැඳෙන්නට මා කිසි විටෙක සැලසුම් සහගතව ක්‍රියා කලේ නැති නිසා ඉබේම මට කෙටි කලකින් විශාල අත්දැකීම් ප්‍රමාණයක් ලැබුණා.තමන්ට ලියන්නට අත්දැකීමක් නැති උදවිය මගේ අව්‍යාජ අත්දැකීම් පොදු ජනයා ඉදිරියේ සටහන් කිරීම ගැන කනස්සලු විය යුතු නෑ. එබැවින් මිත්‍රවරුණි මට කියන්නට තියෙන්නේ දැන් මා කැමති වුනත් ලිවීම නතර කිරීමට බොහෝ පිරිසක් මට ඉඩ නොදෙන බවයි. මගේ ලිවීම ගැන තවමත් අකමැත්ත ප්‍රකාශ කර ඇත්තේ තිදෙනෙක් පමණක් බැවින් වසර 18 ක් තිස්සේ ඔබ හීනෙන්වත් අත්නොදුටු එහෙත් මම කටුක ලෙස ජයගත් අත්දැකීම් සියල්ල දුක දිනා ජය ගත හැකි බව ප්‍රායෝගිකව පෙන්වා මේ රටේ මිනිසුන්ව අභිප්‍රේරණය කිරීමේ අරමුණින් තවදුරත් ලියන්නට තීරණය කල බව මෙයින් දන්වා සිටිමි

ද. මු. ගේ ලේකම්ලා





ද.මු.ගේ ලේකම්ලා

හලාවත මහ රෝහලේ වෛද්‍ය අධිකාරී වරයා ලෙස පත්වූ දා සිට මාව මෙල්ල කර ගැනීමට වැඩිපුරම වෙහෙස වුයේ එහි කනිෂ්ඨ කාර්ය මණ්ඩලයයි. ඊට හේතුව වුයේ දේශපාලන බලය හිතේ තියාගෙන තමන්ට ඕනෑ ලෙස රෝහල තුල ඔවුන් විසින් පවත්වාගෙන ගිය බලහත්කාරී ක්‍රියාදාමයට මගෙන් කිසිඳු ඉඩක් නොලැබීමයි. බහුතරයක් සුළු සේවකයෝ කිසි විටෙක නිල ඇඳුම ඇන්දේ නැත. එසේ කලේ අමතර රැකියාවක් ලෙස ත්‍රීරෝද එලවීමේ රැකියාව පහසුවෙන් කරගැනීම ප...ිණිස බව මම දැන සිටියෙම්. නිල ඇඳුම් ඇඳීමට උපදෙස් දුන් විට ඔවුන් කීවේ තමන් ළඟ මැසු නිල ඇඳුම් නැති බවයි. ඒ නිසා නිල ඇඳුම් මසා ගැනීමට මා ඔවුන්ට සතියක කාලයක් ලබා දුන්නේ,එසේ නොකලොත් ඒ වන විටත් ඔවුන් ලබාගනිමින් සිටි නිල ඇඳුම් දීමනාව අත්හිටුවන බව පවසමිනි. ඉන් පසු බොහෝ දෙනා නිල ඇඳුම් ඇඳගෙන සේවයට වාර්තා කල අතර, නිල ඇඳුමින් සැරසී නොසිටි කිසිවෙකුට මගේ කාර්යාලයට පැමිණීම තහනම් විය. බහුතරය අකමැත්තෙන් වුවද මගේ ක්‍රමයට අනුගත වුවද සුළු සේවකයන් කිහිප දෙනෙකු ප්‍රාදේශීය දේශපාලන බලවතුන්ගේ නම් විකුණමින් මට විවිධ බලපෑම් කරන්නට වුහ. ඔව්ර්සියර්ගේ පොතේ අත්සන් තබන මොවුන් වාට්ටුවට නොගොස් තමන්ට ඕනෑ තැන්වල රස්තියාදු ගසා හිතුනු වෙලාවට වාට්ටුවට යති. මේ නිසා වාට්ටුවට වාර්තා නොකරන සේවකයන් ගැන මගේ ජංගම දුරකතනයට දැනුම් දෙන ලෙස අදාළ වාට්ටු භාර හෙද නිලධාරීන්ට දැනුම් දුන්නෙමි. 

මේ වකවානුවේ ප්‍රදේශයේ බලවත්ම දේශපාලඥයා වුයේ ද. මු. දසනායක මහතාය. දිනක් මගේ රාජකාරී දුරකථනයට ඇමතුමක් ලැබුණි. "මේ කතා කරන්නේ ගරු ද. මු .දසනායක ඇමතිතුමාගේ ලේකම්. අපිට පැමිණිල්ලක් ලැබිලා තියෙනවා ඔබතුමා අපේ මිනිස්සුන්ට හරියට හිරිහැර කරන බව. මට මේ ගැන ගරු ඇමතිතුමා හොයා බලන්න කීවා." මම කරන හිරිහැරය නිල ඇඳුම අඳින්නේ නැති අයට ඒක අන්දවලා මේ රෝහල ශිෂ්ඨ සම්පන්න තැනක් කරන එකද? අරක්කු කසිප්පු බොන අය එයින් වලක්වන එකද? වෙලාවට වැඩට එන්නේ නැති අයට නීතිය ක්‍රියාත්මක කරන එකද? ඒක නෙවෙයි ලේකම් තුමා, ඔබතුමා තමයි අද දවසට ඇමති තුමාගේ ලේකම් කියලා මට කථා කරපු හතර වැනියා. මම මේ කල්පනා කරන්නේ කොයි එකාද හරි එකා කියලා. කමක් නෑ වනාතමුල්ලේ සෙට් එකට වැඩේ දුන්න මට ඔය ලේකම්ලා රොත්තම දෙකයි පනහයි. ඇයි තමුන්නාන්සේ දන්නේ නැද්ද ද. මු. ඇමතිතුමා රැස්වීමකදී කියලා තියෙනවා අන්න හලාවත ඉස්පිරිතාලෙට ඇවිත් ඉන්නවා මම වගේම කෙලින් වැඩ කරන බුලට් බඩුවක්. මිනිහට පාඩුවේ වැඩ කරගෙන යන්න ඉඩ දීපල්ලා කියලා. මට කීවේ අර ඔගස්ටින් කියන පත්තරේට ලියන එක්කෙනා. මා එසේ කී විට එහා අන්තයෙන් දුරකථනය විසන්ධි විය. දුරකතනයෙන් කතා කල මේ බොරු ලේකම්ලාට මම නිතරම කීවේ "මම ආසයි ඔබතුමාගේ මුහුණ බලා ගන්න. හවස 4 වෙනකම් මම ඉස්පිරිතාලේ ඉන්නවා. අපි ඔය ප්‍රශ්නේ මුණගැහිලා කතා කරමු කියායි. එක ලේකම් කෙනෙක්වත් මා හමුවීමට ආවේ නැත. ද. මු . දසනායක මහතා කිසිදාක මට දුරකථන ඇමතුමක් දුන්නේද නැත. ඉස්පිරිතාලේ ඇතුලෙම හිඳ මට ලේකම්ලා ලෙස කථා කල කිසිවෙකුට තවදුරත් තමන් අහවල් දේශපාලකයාගේ මිනිස්සු යැයි කියමින් පිස්සු කෙලීමට ඉඩ දුන්නේද නැත. වෛද්‍යවරු හා හෙදියන් සියලු දෙනාම පාහේ මගේ ක්‍රමයට කැමති වූ නිසා එතෙක් කල් රෝහල තුල වෙනම රාජ්‍යයක් පවත්වාගෙන ගිය මේ දේශපාලන බලයෙන් මත්වුවන්ට මගේ ක්‍රමයට අනුගත වීමට සිදු විය. මෙය ඉතා සරල දෙයක් ලෙස පෙනුනත් මට ආගන්තුක ප්‍රදේශයක තනිවම අභියෝග වලට මුහුන දෙමින්, මෙලොව වසන විෂකුරුම සත්වයා කකුල් දෙකේ එකා බව සිතා, මා කිසි විටෙක එකම ගමන් මාර්ගය නිතර භාවිතා නොකලෙමි. සීල් කඩා තිබු බෝතල් වල ජලය පානය නොකලෙමි. අතට හොඳින් අහුවෙන වීදුරු බෝලයක් මේසය උඩ තබාගෙන සිටියෙමි. 

දැන් ඉතින් කියයි, මාර බය ගුල්ලෙක් කියලා". වීරයා මළොත් සටනක් නෑ. සුද්දාගේ FFF Mechanism follow කරන්න.(Fright / Fight /Flight) එහි තේරුම , - ඕනෑවට වඩා තමන් චන්ඩියෙකු යයි නොසිතා අවදානම සහතික බව දැනගෙන පොඩි බයකුත් හිතේ තියා ගනින්. එතකොට නිතරම සුදානම් ශරීරෙන් ඉන්න පුළුවන්. සිදුවෙන්නේ නොසිදුවිය යුතු දේ නම් සටන් කරපන්. දිනන්න මොනතරම් ආසා වුනත් ජීවිත අවදානමක් තිබේ නම් බොරු වීරකම් නැතිව පැනලා දුවපන්. ඉස්සෙල්ලා පන බේර ගනින්. ආයේ සන්නද්ධ වෙලා ඇවිත් සටන් කරපන්. නැත්නම් ඉතින් ලෙඩා මලත් බඩ සුද්දයි!
මේ වකවානුවේ ප්‍රදේශයේ බලවත්ම දේශපාලඥයා වුයේ ද. මු. දසනායක මහතාය. දිනක් මගේ රාජකාරී දුරකථනයට ඇමතුමක් ලැබුණි. "මේ කතා කරන්නේ ගරු ද. මු .දසනායක ඇමතිතුමාගේ ලේකම්. අපිට පැමිණිල්ලක් ලැබිලා තියෙනවා ඔබතුමා අපේ මිනිස්සුන්ට හරියට හිරිහැර කරන බව. මට මේ ගැන ගරු ඇමතිතුමා හොයා බලන්න කීවා." මම කරන හිරිහැරය නිල ඇඳුම අඳින්නේ නැති අයට ඒක අන්දවලා මේ රෝහල ශිෂ්ඨ සම්පන්න තැනක් කරන එකද? අරක්කු කසිප්පු බොන අය එයින් වලක්වන එකද? වෙලාවට වැඩට එන්නේ නැති අයට නීතිය ක්‍රියාත්මක කරන එකද? ඒක නෙවෙයි ලේකම් තුමා, ඔබතුමා තමයි අද දවසට ඇමති තුමාගේ ලේකම් කියලා මට කථා කරපු හතර වැනියා. මම මේ කල්පනා කරන්නේ කොයි එකාද හරි එකා කියලා. කමක් නෑ වනාතමුල්ලේ සෙට් එකට වැඩේ දුන්න මට ඔය ලේකම්ලා රොත්තම දෙකයි පනහයි. ඇයි තමුන්නාන්සේ දන්නේ නැද්ද ද. මු. ඇමතිතුමා රැස්වීමකදී කියලා තියෙනවා අන්න හලාවත ඉස්පිරිතාලෙට ඇවිත් ඉන්නවා මම වගේම කෙලින් වැඩ කරන බුලට් බඩුවක්. මිනිහට පාඩුවේ වැඩ කරගෙන යන්න ඉඩ දීපල්ලා කියලා. මට කීවේ අර ඔගස්ටින් කියන පත්තරේට ලියන එක්කෙනා. මා එසේ කී විට එහා අන්තයෙන් දුරකථනය විසන්ධි විය. දුරකතනයෙන් කතා කල මේ බොරු ලේකම්ලාට මම නිතරම කීවේ "මම ආසයි ඔබතුමාගේ මුහුණ බලා ගන්න. හවස 4 වෙනකම් මම ඉස්පිරිතාලේ ඉන්නවා. අපි ඔය ප්‍රශ්නේ මුණගැහිලා කතා කරමු කියායි. එක ලේකම් කෙනෙක්වත් මා හමුවීමට ආවේ නැත. ද. මු . දසනායක මහතා කිසිදාක මට දුරකථන ඇමතුමක් දුන්නේද නැත. ඉස්පිරිතාලේ ඇතුලෙම හිඳ මට ලේකම්ලා ලෙස කථා කල කිසිවෙකුට තවදුරත් තමන් අහවල් දේශපාලකයාගේ මිනිස්සු යැයි කියමින් පිස්සු කෙලීමට ඉඩ දුන්නේද නැත. වෛද්‍යවරු හා හෙදියන් සියලු දෙනාම පාහේ මගේ ක්‍රමයට කැමති වූ නිසා එතෙක් කල් රෝහල තුල වෙනම රාජ්‍යයක් පවත්වාගෙන ගිය මේ දේශපාලන බලයෙන් මත්වුවන්ට මගේ ක්‍රමයට අනුගත වීමට සිදු විය. මෙය ඉතා සරල දෙයක් ලෙස පෙනුනත් මට ආගන්තුක ප්‍රදේශයක තනිවම අභියෝග වලට මුහුන දෙමින්, මෙලොව වසන විෂකුරුම සත්වයා කකුල් දෙකේ එකා බව සිතා, මා කිසි විටෙක එකම ගමන් මාර්ගය නිතර භාවිතා නොකලෙමි. සීල් කඩා තිබු බෝතල් වල ජලය පානය නොකලෙමි. අතට හොඳින් අහුවෙන වීදුරු බෝලයක් මේසය උඩ තබාගෙන සිටියෙමි.

දැන් ඉතින් කියයි, මාර බය ගුල්ලෙක් කියලා". වීරයා මළොත් සටනක් නෑ. සුද්දාගේ FFF Mechanism follow කරන්න.(Fright / Fight /Flight) එහි තේරුම , - ඕනෑවට වඩා තමන් චන්ඩියෙකු යයි නොසිතා අවදානම සහතික බව දැනගෙන පොඩි බයකුත් හිතේ තියා ගනින්. එතකොට නිතරම සුදානම් ශරීරෙන් ඉන්න පුළුවන්. සිදුවෙන්නේ නොසිදුවිය යුතු දේ නම් සටන් කරපන්. දිනන්න මොනතරම් ආසා වුනත් ජීවිත අවදානමක් තිබේ නම් බොරු වීරකම් නැතිව පැනලා දුවපන්. ඉස්සෙල්ලා පන බේර ගනින්. ආයේ සන්නද්ධ වෙලා ඇවිත් සටන් කරපන්. නැත්නම් ඉතින් ලෙඩා මලත් බඩ සුද්දයි! See More — with Pubudu Pathiraja.

මගේ ලිවීමේ කලාව;


මගේ ලිවීමේ කලාව;

වෘතිය ලේඛකයෙකු නොවුණ මා ලියන ලිපි මඟින් මගේ චරිතය ඉස්මතු වීමේ ගැටලුව මටත් තිබුනා. එහෙත් ලේඛනයේ මට වඩා ප්‍රවීනයෙකු වන උපාලි බණ්ඩාර වීරසේකර මහතාගේ අදහස් දැක්වීම ගැන මගේ අවධානය යොමු වුනා. ඔහු මෙසේ කියනවා,

" මිත්‍රයෙක් දාල තියෙනවා තමා ගැන වර්ණනා කරගන්න එපා කියලා. මොන බොරුද ස්වයං චරිතාපාදන බිහිවෙන්නේ නැහැ එහෙම නම්. මීමන ප්‍රේමතිලක කියන අද්විතීය කතුවරයා පුරසාරම් කියා ලිව්වේ තමා ගැන ක...තාව. හැමෝම
තමා ගැන ලියද්දි තමයි රසවත්ව ලියන්නේ".

මේ සියලු සිදුවීම් වල කේන්ද්‍රීය චරිතය මා වන හෙයින්ද ,දෛවෝපගතව සෑම සේවා ස්ථානයකම මලකඩ කෑ සිස්ටම් එක පළමු වටයේදීම වෙර යොදා කරකැවීමට මා හට සිදුවූ නිසාද, මේ සෑම පත්වීමක්ම පෙර සුදානමක් නොමැතිව සිදුවූ ඒවා නිසාද ,මෙම රෝහල් බොහොමයක පරිපාලකයෙක් බොහෝ කලක් නොසිටි නිසාද මුල මැද අග කතාවට මා සම්බන්ධ වන අයුරු කියවන්නාට දැනගැනීමට අවශ්‍ය නිසාද මා ගැන වැඩිපුර ලියවෙනවා ඇති. මට බොහෝ විට අවශ්‍ය වන්නේ නිවැරදි දේ කරන්නට ගොස් බහුතරයකගේ විරෝධය නමැති මානසික හා කායික පීඩාවට මා ගොදුරු වූ හැටිත් ,උත්සාහය අත්නොහැර මා මගේ ඉලක්කය ජයගත් හැටිත් විශ්වාසනීයව කියවන්නාට ඉදිරිපත් කිරීමයි.යකා මහත්තයා කන්නාඩියා, හිට්ලර් ,බින් ලාඩන්, තනකොලේ නයා , ආදී නම් මගේ ප්‍රතිරූපය ඔසවා තැබීම පිණිස මා විසින් දා ගත් නම් නොව එක් එක් සේවා ස්ථානයේදී මා අනුගමනය කල එකිනෙකට වෙනස් පරිපාලන රටාව අනුව මහජනයා මා හට පට බැඳී අන්වර්ථ නාමයන්ය. අවංක අධ්‍යනය කරන්නෙකුට මේ නම් පටබැදීමේ හේතුව සොයා බැලුවත් බොහෝ දේවල් ඉගෙන ගත හැක. ඇතැම් කාල වකවානු හා ඊට සම්බන්ධ නිලධාරීන් ඉතා පරිස්සමින් සඳහන් කරන්නේ අදාළ සිදුවීම් වල විශ්වාසනීයත්වය තහවුරු කිරීම සඳහාය. බහුතරයකගේ මතය සමග මමත් එකඟ වෙනවා. එනම් මගේ ලේඛන කලාව් අතිශයින් ප්‍රියජනක හා කියවන්නට පොළඹවන සුළු බව. මම ලියු ලිපිය දහ දොළොස්වර නැවත නැවත කියවා මා විසින්ම රස විඳිනවා.මෙය බොහෝ විට දක්ෂ කවියෙකු වූ මගේ පියාගෙන් ලැබුණු ජන්ම උරුමයක් ලෙස මා දකිනවා.

මේ වාක්‍ය දෙස බලන්න., " කිසියම් කටයුත්තකට ළමා රෝහලේ කොරිඩෝව දිගේ ඇවිද යන ඕනෑම දිනක අඩුම ගනනේ පස් දෙනෙක්වත් අනේ සර් කවදද ආයේ අපේ ඉස්පිරිතාලෙට එන්නේ කියලා අහනවා " එහෙම ඇත්තටම අහනවනම් මම කොහොමද ඒක නොලියා ඉන්නේ? එහෙම ලිවීම ස්වයං වර්නනාවක්ද ? එය යතාර්ථය නොවේද ? එය මා ගොඩනගා ගත් කීර්තිනාමයේ reflection එක නොවේද ? කෙසේ වෙතත් උපාලි බණ්ඩාර වීරසේකර මහතා මේ ප්‍රශ්න සියල්ලටම වෘතීය පිළිතුරක් ලබා දී ඇතයි මා සිතනවා. හිතවත් උපාලි මහතාණෙනි ඔබට බොහොම ස්තුතියි.
තමා ගැන ලියද්දි තමයි රසවත්ව ලියන්නේ".
මේ සියලු සිදුවීම් වල කේන්ද්‍රීය චරිතය මා වන හෙයින්ද ,දෛවෝපගතව සෑම සේවා ස්ථානයකම මලකඩ කෑ සිස්ටම් එක පළමු වටයේදීම වෙර යොදා කරකැවීමට මා හට සිදුවූ නිසාද, මේ සෑම පත්වීමක්ම පෙර සුදානමක් නොමැතිව සිදුවූ ඒවා නිසාද ,මෙම රෝහල් බොහොමයක පරිපාලකයෙක් බොහෝ කලක් නොසිටි නිසාද මුල මැද අග කතාවට මා සම්බන්ධ වන අයුරු කියවන්නාට දැනගැනීමට අවශ්‍ය නිසාද මා ගැන වැඩිපුර ලියවෙනවා ඇති. මට බොහෝ විට අවශ්‍ය වන්නේ නිවැරදි දේ කරන්නට ගොස් බහුතරයකගේ විරෝධය නමැති මානසික හා කායික පීඩාවට මා ගොදුරු වූ හැටිත් ,උත්සාහය අත්නොහැර මා මගේ ඉලක්කය ජයගත් හැටිත් විශ්වාසනීයව කියවන්නාට ඉදිරිපත් කිරීමයි.යකා මහත්තයා කන්නාඩියා, හිට්ලර් ,බින් ලාඩන්, තනකොලේ නයා , ආදී නම් මගේ ප්‍රතිරූපය ඔසවා තැබීම පිණිස මා විසින් දා ගත් නම් නොව එක් එක් සේවා ස්ථානයේදී මා අනුගමනය කල එකිනෙකට වෙනස් පරිපාලන රටාව අනුව මහජනයා මා හට පට බැඳී අන්වර්ථ නාමයන්ය. අවංක අධ්‍යනය කරන්නෙකුට මේ නම් පටබැදීමේ හේතුව සොයා බැලුවත් බොහෝ දේවල් ඉගෙන ගත හැක. ඇතැම් කාල වකවානු හා ඊට සම්බන්ධ නිලධාරීන් ඉතා පරිස්සමින් සඳහන් කරන්නේ අදාළ සිදුවීම් වල විශ්වාසනීයත්වය තහවුරු කිරීම සඳහාය. බහුතරයකගේ මතය සමග මමත් එකඟ වෙනවා. එනම් මගේ ලේඛන කලාව් අතිශයින් ප්‍රියජනක හා කියවන්නට පොළඹවන සුළු බව. මම ලියු ලිපිය දහ දොළොස්වර නැවත නැවත කියවා මා විසින්ම රස විඳිනවා.මෙය බොහෝ විට දක්ෂ කවියෙකු වූ මගේ පියාගෙන් ලැබුණු ජන්ම උරුමයක් ලෙස මා දකිනවා.
මේ වාක්‍ය දෙස බලන්න., " කිසියම් කටයුත්තකට ළමා රෝහලේ කොරිඩෝව දිගේ ඇවිද යන ඕනෑම දිනක අඩුම ගනනේ පස් දෙනෙක්වත් අනේ සර් කවදද ආයේ අපේ ඉස්පිරිතාලෙට එන්නේ කියලා අහනවා " එහෙම ඇත්තටම අහනවනම් මම කොහොමද ඒක නොලියා ඉන්නේ? එහෙම ලිවීම ස්වයං වර්නනාවක්ද ? එය යතාර්ථය නොවේද ? එය මා ගොඩනගා ගත් කීර්තිනාමයේ reflection එක නොවේද ? කෙසේ වෙතත් උපාලි බණ්ඩාර වීරසේකර මහතා මේ ප්‍රශ්න සියල්ලටම වෘතීය පිළිතුරක් ලබා දී ඇතයි මා සිතනවා. හිතවත් උපාලි මහතාණෙනි ඔබට බොහොම ස්තුතියි. See More








විධායක ශ්‍රේණියේ සාත්තු සේවකයා: (The Executive Attendant )
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වරයෙකු ලෙස කටයුතු කරමින් සිටි මා ඊ ළඟ ස්ථාන මාරු ලැයිස්තුවෙන් ENT වාට්ටුවේ සාමාන්‍ය වෛද්‍ය වරයෙකු ලෙස පත් කෙරුනේ ශ්‍රී ලාංකික දේශපාලනයේ ජනප්‍රිය පුද්ගලයන්ගෙන් පලිගන්නා ආකාරය සිහි ගන්වමින්. මගේ පියා විසින් කුඩා කල සිට තෙරුවන් නැමදීම හා අවිහිංසාව උගන්වා තිබු නිසා මම තෝරා ගත්තේ අනතුරුදායක නායකයා ...වෙතින් පලා යාමයි (Strategic Withdrawal).වහා සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සීතා විතානාච්චි මහත්මිය හමු වූ මා සිදුවූ අකරතැබ්බය ඇය හට පැවසු විට ඉතා කම්පාවට පත්ව යන එඅ මං නැති මා හට මීගමුව මහා රෝහලේ සාමාන්‍ය වෛද්‍ය වරයෙකු ලෙස තාවකාලික පත්වීමක් හදා ගැනීමට උපකාර කලාය (මම එතුමියගේ පවුලේ වෛද්‍යවරයා වෙමි ). මාසයක් පමණ මීගමුව රෝහලේ under ground වී සිටින අතරතුර මා වැනි පොඩි මිනිහෙකුගේ උවද ජංගම දුරකථන අංකය දන්නා වත්මන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් තුමාගෙන් (එවක තෘතියික සේවා අධ්‍යක්ෂ ) මට ඇමතුමක් ලැබුණි. පණිවිඩයෙන් කියවුනේ තමන් මේ වන විට හලාවත මහා රෝහලේ කළමනාකරණ කමිටු රැස්වීමේ සිටින බවත්, හලාවත මහා රෝහලට වෛද්‍ය අධිකාරී වරයෙකු නම් කරන තුරු විශේඥ වෛද්‍ය වරුන් රැස්වීම අවසන් කිරීමට විරෝධය පළ කරන බවත්,පවසා "සුදර්ශන ඔයාට කොලිෆයිඩ් නේ, මොකද කියන්නේ, හලාවත බාරගන්න කැමතිද ? කියා ඇසුවේය . මට ඔව් සර් කියැවුනි. දින 2 කට පසු හලාවත මහා රෝහලේ වෛද්‍ය අධිකාරී පුටුවෙන් මතු වුනි.
මේ රෝහල නම් රාජකීය රෝහලකි. දොස්තරලා සවස 2 වන විට අතුරුදන්ය(විශේසඥ වෛද්‍ය වරුන්ගේද සහයෙන් ලෙඩේ දවස් 2න් සුව කලෙමි , වෛද්‍ය ලක්කුමාර් මහතා විශාල සහයෝගයක් ලබා දුන් බව සිහිපත් කරමි). මේ රෝහලේ හෙද කාර්ය මණ්ඩලයේ පරිපාලනය කිසි විටෙක මට වධ දුන්නේ නැති බව සඳහන් කල යුතුය. සුළු සේවකයන් ගැන කියනවාට වඩා ඒ කාලේ උතුරු නැගෙනහිර කතා කියන එක හොඳ බැවින් ඒ අයගේ සියලු රෝග දෙසතියකින් නිවාරණය කල හැටි comming soon කියා ලියමි.
අටුවා ටීකාවෙන් පසු නියම කතාවට බහිමු.මේකත් ඉතින් සුළු සේවක කරට්ටුවේ හොඳකමට වෙච්ච දෙයක් තමයි. සුළු සේවකයන් නොදන්වා සේවයට නොපැමිණීම නිසා වාටුවේ ලේ මුත්‍රා රසායනාගාරයට නිසි වෙලාවට රැගෙන නොයෑමෙන් ලේ සාම්පල නරක්වීම, වාර්තා ප්‍රමාද වීම ආදී විශාල ගැටළු ඇති වෙනවා. හෙද කාර්ය මණ්ඩලයත් තමන් අමාරුවෙන් ගත් ලේ සාම්පල් ටික රසායනාගාරයට යැවීම ගැන එතරම් තැකීමක් නෑ. සුළු සේවකයෝ හිටියොත් ගෙනියනවා,නැතිනම් සාම්පලේ මෙසේ උද ,ලෙඩා ටිකට් කපලා ගෙදර. එක දවසක් කායික වෛද්‍ය වාට්ටුවේ මේල් නර්ස් මහත්තයෙකුගෙන් කෝල් එකක් ආවා. " අනේ බලන්නකෝ සර්. අද අපේ වෝඩ් එකේ කැෂුවල්ටි දවස. සාම්පල් 150 ක් විතර තියෙනවා, මේ ටික ලැබ් එකට ගෙනියන්න තවම මයිනර් ස්ටාෆ් කවුරුත් ආවේ නෑනේ". ඔබ තුමාට මේ වෙලාවේ ගොඩක් වැඩ තියෙනවද වාට්ටුවේ. මට නම් වැඩි වැඩක් නැ ,එත් මේක සුළු සේවකයන්ගේ වගකීමනේ සර්. ඔව් ඔව් ඔයා හරි ,ඉන්න මම තව විනාඩි 10 කින් ඔතෙන්ට ඇටෙන්ඩන්ට් කෙනෙක් එවනවා. "තැනක් යු සර් කියලා එයා ටෙලිෆෝන් එක තිබ්බා. මම ටික වෙලාවකින් අදාළ වාට්ටුවට ගියා.නර්ස් මහත්තයා මෙසේ ළඟ මොනවදෝ ලියමින් හිටියා. මාව දැකපු ගමන් එයා පුටුවෙන් නැගිට්ටා. " බලන්නකෝ සර් මේ යකා ආවේ නෑනේ' " මොන යකාද ? මම ඇහුවා. ඇටෙන්ඩන්ට් ; මේ ඇවිත් ඉන්නේ. කෝ කොහෙද සර් ? මේ මම. මම ඇවිල්ලා ඩබල් ඩිග්‍රී ගහපු විධායක ශ්‍රේණියේ ඇටෙන්ඩන්ට්. ඔය ලැබ් එක තියෙන්නේ මගේ ඔෆිස් එකට අල්ලපු කාමරේ. සාම්පල් 150 අත් දෙකින් ගෙනියන්න පුලුවන්නේ. දෙන්න මට සාම්පල් ට්‍රේ එක. සර් ගෙනියන්න? ඇයි මොකද වෙන්නේ ? ඔයාල ලෙඩ්ඩුන් ගේ පුංචි ලේ නහර වලට කිහිප විටක් විදලා කොයි තරම් අමාරුවෙන්ද බ්ලඩ් draw කරන්නේ. එහෙම සාම්පලේ ක්ලොට් වුනොත් මොන තරම් අපරාධයක්ද. ඒ නිසා මම ඒවා ගෙනියන එක එච්චර අමාරු දෙයක් නෙවෙයි.මට හරි ජොලි ඒ වැඩේ. මොකද මම ලබන ආත්මෙත් දොස්තර කෙනෙක් වෙන්න පින් එකතු කරන ගමන්. මේක තමයි ලේසිම ක්‍රමේ. " අනේ සර් මම සාම්පල් ටික ලැබ් එකට අරන් යන්නම්. සර් ඒවා ගෙනියන්න ඕනෑ නැ.
මේ සිදුවීමෙන් පස්සේ ආයේ ඒ පැමිණිල්ල ආවේ නෑ. කිසිම වාට්ටුවකින්.මොකද හැමෝම දන්නවා තමන් ලැබ් සාම්පල් ගෙනිච්චේ නැත්නම් ලොක්කා වාටුවට ඇවිත් ඒවා අරන් යනවා කියලා. බොහෝ විට නර්ස් නෝනලා මහත්තුරු සුළු සේවකයෝ නැති හදිසි අවස්තාවල මේ වැඩේ සතුටින් කළා. " ඇයි ඉතින් අපි ගෙනිච්චේ නැත්නම් සර් එනවනේ වාට්ටුවට" ඒ අය එහෙම කිව්වේ හිනා වේවි. ඔන්න ඔහොමයි අපි ආයතනේ team work සංකල්පේ හැදුවේ.
ප.ලි. හැබැයි ඉතින් ඉස්කෝලේ යන කාලේ විප්ලවකාරයෝ වෙලා පස්සේ ජොබ් එක අරන් වෘතිය සමිති අටවා ගත්තු ගිහි පැවිදි පව් කාරයෝ මේවට කියන්නේ ගොන් පාට් කියලා. ඕවා කරන්න එපා ,ඊට පස්සේ පුරුද්දට යනවා.අනික ඕවා අපේ ජොබ් ලිස්ට් එකේ නෑ. ඔය M.S. ට පිස්සු.( Medical Superintendent).
නයිටින්ගේල් උත්තමාවිය ගැන උඹලට වඩා හොඳට අධ්‍යනය කරලා තියෙන මට දුක උඹලා උඹලගේ රැජිනගේ ප්‍රතිපත්ති ගණිකා වෘතියේ යොදමින් මේ රටේ බහුතරයක් කැපවීමෙන් සේවය කරන රත්තරන් හෙද හෙදියන් පටු ආකල්ප රාමුවකට ගාල් කිරීමට උත්සාහ කිරීම ගැනයි.The Life of Florence Nightingale නම් විශාල කෘතියේ පහත සඳහන් පුංචි චේදයවත් කියවා ගනිල්ලා . ඔච්චර පණ්ඩිතකම් දන්න උඹලා ඉංගිරිසිත් දන්නවා ඇතිනේ
.
Professional Nursing Pioneer
According to Florence Nightingale, hygiene, sanitation, fresh air, proper lighting, a good diet, warmth, quietness and attentiveness were necessary conditions for hospitals and were to be ensured by trained nurses. See MoreAT Sudarshana





දැන් ඇතිද ?


"දැන් ඇති "මේ මගේ ලිවීම ගැන වෘතීය සඟයෙකුගේ පණිවිඩයකි. "ගොන් පාට්" ඒ දඹුල්ල රෝහලේ ඖෂධ වේදියෙකුගේ අදහස් දැක්වීමකි. "සෙල්ෆ් ඇප්රිෂියේශන්" ඒ වයඹ පළාතේදී එකම එක දේශපාලන බලපෑමකින් අම රිකාගත වූ වෘතිය සඟයාට ජුවල් ගිය ආකාරයයි. මේ සියල්ල අතරේ ෆේස් බූක් එකම ගිනි තියනවා කියා හිතන සඟයන් ද, මේ ලිපි දිහා නොබලා සිටීමෙන් හිත අවුල් නොකර ගෙන සිටින්නන්ද , මුගේ චරියාව දොස්තරකමට කොහෙත්ම ගැලපෙන්නේ නැති බ...ව මූනට මුලිච්චි උණ වෙලාවක කියන්නම් කියා සිතන අයද , ඊයේ හොඳ ලිපියක් දැක්කා ,මම ලයික් එකකුත් දැම්මා කියන අයද මේ දවස් වල මට හමු වන අතර මගේ ෆේස් බුක් ගිණුමට එන friend requests ප්‍රමාණය සිතාගත නොහැකි අයුරින් ඉහල ගොස් තිබෙන අතර ,මේ රෙක්වෙස්ට් කරන්නන් සමාජයේ සියලුම ස්තරයන් නියෝජනය කිරීම මට නම් අදහා ගත නොහැක්කකි.ඒ අතර ෆේස්බුක් අඩවියේ සංසරණය වන පහත සඳහන් ලිපිය මගේ ඇස ගැටුනා.
"Face book හරහා අහම්බෙන් හමුවූ දොස්තර මහත්තුරු දෙන්නෙක්ගේ post මහත් අභිරුචියෙන් කියවන්නට ඇබ්බැහි වී following settings වල see first list එකටත් එකතු කරගෙන තියෙනවා. තමන්ගේ අද්විතීය ජීවන අත්දැකීම් face book තුලින් සමාජ ගත කරන ඔවුන්ගෙන් ගත හැකි ආදර්ශ බොහෝයි. A T. sudarshana දොස්තර මහත්තයා රෝහල් පරිපාලන අංශයේ ගෙවුණු තම වෘතීය ජීවිතයේ අභියෝග ජයගත් හැටි අපුරු ලෙස අකුරු කරනවා"
වෘතීය ඊර්ෂ්‍යාව අතහැර අදාළ වෘතිකයන් තේරුම් ගත යුත්තේ මෙම සත්‍යයයි. රෝහල් 10 ක දී මා ලැබූ අත්දැකීම් case studies ලෙස අධ්‍යනය කිරීමයි.
"ඕපාදූප, දේශපාලනය ,ආදී නොයෙක් හේතු නිසා ගොඩ දෙනෙක්ට face book එපා වෙලා. මොහොතක් මේ අපුරු මිනිසුන් දෙදෙනාගේ අත්දැකීම් කියවා බලන්න. ඔබ නිසැකයෙන්ම තෘප්තිමත් වේවි."එහි තව දුරටත් සඳහන් වෙනවා.
ඇතැම් තරුණයන් ස්වෙච්චාවෙන් මා වෙනුවෙන් බ්ලොග් අඩවි නිර්මාණය කර තිබෙනවා. මා වඩාත් සතුටු වන්නේ මේ රටේ තරුණ පරපුර මගේ ලිපි පෙලට දක්වන අසීමිත ආකර්ෂණය පිළිබඳවයි. එමෙන්ම මේ රටේ විද්වත් පරපුර මගේ ලිපි පෙළ මත හදාගත් සාකච්චා මේසය පිළිබඳවයි. බොහෝ උදවිය දවසේ පත්තරය එනතුරු බලා ඉන්නවා සේ මගේ අලුත්ම ලිපිය ියවන්නක බලා සිටිනවා. දුටු සැනින් තම මිතුරන්ට එම ලිපිය share කරණවා.කුණුහරුප සින්දු කියන සුපර් ස්ටාර් ලා ඔවුන්ගේ වීරයා වෙනවා වෙනුවට මා ඔවුන්ගේ වීරයා වීම හොද නැද්ද?
මා හැම විටම සේවයට ගියේ මට ඕනෑ රෝහලට නොව කිසිවෙකුත් භාර ගැනීමට අකමැති වූ නිසා අරාජිකව තිබී මට භාර දුන් ඉස්පිරිතාලවලටයි. කොළඹපිටත වට රවුමේ රැඳෙන්නට මා කිසි විටෙක සැලසුම් සහගතව ක්‍රියා කලේ නැති නිසා ඉබේම මට කෙටි කලකින් විශාල අත්දැකීම් ප්‍රමාණයක් ලැබුණා.තමන්ට ලියන්නට අත්දැකීමක් නැති උදවිය මගේ අව්‍යාජ අත්දැකීම් පොදු ජනයා ඉදිරියේ සටහන් කිරීම ගැන කනස්සලු විය යුතු නෑ. එබැවින් මිත්‍රවරුණි මට කියන්නට තියෙන්නේ දැන් මා කැමති වුනත් ලිවීම නතර කිරීමට බොහෝ පිරිසක් මට ඉඩ නොදෙන බවයි. මගේ ලිවීම ගැන තවමත් අකමැත්ත ප්‍රකාශ කර ඇත්තේ තිදෙනෙක් පමණක් බැවින් වසර 18 ක් තිස්සේ ඔබ හීනෙන්වත් අත්නොදුටු එහෙත් මම කටුක ලෙස ජයගත් අත්දැකීම් සියල්ල දුක දිනා ජය ගත හැකි බව ප්‍රායෝගිකව පෙන්වා මේ රටේ මිනිසුන්ව අභිප්‍රේරණය කිරීමේ අරමුණින් තවදුරත් ලියන්නට තීරණය කල බව මෙයින් දන්වා සිටිමි. See More — with Priyanka Jayasooriya.








ඔව් මම යටත් වුණා ;

රෝහලට එන කාට හෝ රෝහලේ සේවකයෙක්ගෙන් හිරිහැරයක් වෙනවා දකින කොට මට උන් හිටි තැන් අමතක වෙනවා. මට මාව පාලනය කරගන්න බැරිව යනවා. මේ කලබල වීම මගේ දුර්වලතාවයක් ලෙස මා විසින්ම හඳුනාගෙන තිබුනත් මේ සිදුවීම වුණ 2016 ජනවාරි මාසේ රාගම ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරු මට විරුද්ධව වැඩ වර්ජනයක් කිරීම දක්වා වැඩේ දුර දිග අරගෙන ගියා. මම වැඩ කරන රෝහල් වල කාට හරි අසාධාරණයක් වුනොත් රෝහල් සේවකය...න් විසින්ම අදාළ පුද්ගලයාව මගේ කාර්යාලයට යොමු කිරීම සාමාන්‍ය පුරුද්දක්. එදත් සිදු වුනේ එහෙම දෙයක්. අවුරුදු 60 ක විතර අම්මා කෙනෙක් අඬාගෙන මගේ කාර්යාලට ආවා. තමන්ගේ ලෙඩේ ගැන අහන්නේ නැතිව විනාඩියෙන් බෙහෙත් ලිව්ව දොස්තර නෝනාට අම්මා තමන්ගේ ලෙඩේ කියන්න උත්සාහ කරද්දී දොස්තර නෝනා අම්මට හොඳටම බැනලා. අම්මා හෝ ගාලා අඬනවා. මම අම්මත් එක්ක ඒ වෙලාවේම දොස්තර නෝනව හමුවෙලා උනේ මොකක්ද කියලා දැනගන්න බාහිර රෝගී අංශයට ගියා. අම්මා මට දොස්තර නෝනව පෙන්නුවා. මම දොස්තර නෝනව ඕ. පී. ඩී. එකේ ප්‍රධාන වෛද්‍ය වරයා ලඟට එක්කගෙන ගිහින් කාරණය විමසලා රෝගීන්ට කාරුණිකව කථා කරන ලෙස අවවාද කරලා, අම්මාව වෙන දොස්තර මහත්තයෙකුට යොමු කරලා මගේ කාර්යාලයට ආවා. විනාඩි 10 කට විතර පස්සේ මට ආරංචි උනා ඕ.පී .ඩී. එකේ වෛද්‍යවරු සේරම ලෙඩ්ඩු බැලීම නතර කරලා විවේක කාමරයට ගිහිල්ල කියලා. රෝහල් අධ්‍යක්ෂ සමරනායක මහතාත් වෛද්‍යවරුන් සමග කතා කරලා තත්වය සමනය කරන්න උත්සාහ කලා. සායන කාමරයේදී අදාළ වෛද්‍ය වරියට මම සැරෙන් කථා කළා කියමින් දොස්තරවරු තම ස්ථාවරයේම සිටියා. මම කපටි නරියාගේ රෝල් එක තෝරා ගත්තා. සුළු ගැටළුවක් සුක්ෂමව විසඳුවේ නැතිනම් මුළු රෝහලම වර්ජනය කරන තැනකට යන්න පුළුවන්. අසාධාරණයට එරෙහිව සටන් කිරීමට පළමුව තමන්ගේ ස්ථානය රැකගත යුතුයි. ඒ සඳහා යම් යම් කැපවීම් කල යුතුයි. මම ඒ පරිපාලන න්‍යාය තෝරා ගත්තා. අසරණ රෝගීන් වෙනුවෙන් ලූස් -වින් තත්වය භාරගන්න තීරණය කළා.අනපේක්ෂිතව වෛද්‍ය විවේකාගාරයට ගිය මම අදාළ වෛද්‍ය වරියට මගෙන් යම් වරදක් උනා නම් මම සමාව අයැද සිටින බව කීවා. දකුණු ආසියානු මහන්තත්ව මානසිකත්වයට ඊට වඩා දෙයක් තියෙනවද? හැමෝම සතුටින් ලෙඩ්ඩු බලන්න පටන් ගත්තා. පෝලිමේ අසරණව හිටපු රෝගීන්ගේ සතුටු සහගත සිනහව පමණයි මට වැදගත් උනේ. මම මට එරෙහිව ලබා දුන්නේ කැකිල්ලේ තීන්දුවක් තමයි. එත් මම ඒක කලේ දීර්ඝ සැලැස්මක් හිතේ තියාගෙන. එදා මට කපපු බොරු වලෙන් බේරුන මම ඊට පස්සේ කථා බතා නැතිව මහජනතාවගේ පැමිණිලි ලිඛිතව භාර ගත්තා. පැමිණිල්ල වැඩිදුර ගෙනියන්න එපා කියලා අදාළ වෛද්‍ය වරු මගේ පස්සෙන් එන්න ගත්තා. පැමිණිලි ලියුම් ඇපේට තියාගෙන මම මට ඕන කොන්ට්‍රෝල් එක හදා ගත්තා. හුඟක් තරුණ වෛද්‍යවරු අත්දැකීම් අඩුකමට කරන ඇතැම් වැරදි පෙන්වලා දුන්නම නිවැරදි වෙනවා. ඔවුන්ව පරීක්ෂණවල පටලවල අමාරුවේ දාන්න මම කටයුතු කලේ නෑ. ඒ නිසා කවුරුත් මා සමග හිත හොඳින් වැඩ කළා. අදත් රාගම රෝහලට ගියහම වෛද්‍යවරු හැමෝම මට ආදරයෙන් ගෞරවයෙන් සලකනවා. හැබැයි ඉතින් මම අමාරුකාරයා කියලා ඒ අය දන්නවා.මොකද මම පරිපාලනේ තෙම්පරාදු වුන කපටි නරියා. See More







චිංචි මානවිකාවන්ගේ ගරිල්ලා ප්‍රහාරය;

කුලියාපිටිය රෝහලේ වෛද්‍ය අධිකාරි තනතුරෙන් මා ඉවත් කිරීම් සඳහා හෙද සංගමය තම මුළු වැර යොදා කුරුණෑගල පළාත් සෞඛ්‍ය ඇමති වරයා ඉදිරියේ මට එරෙහිව පැවැත් වූ අපුරු නඩු විභාගයෙන් පරාජයට පත් වීමෙන් පසුව මා සමග සමාදානයෙන් වැඩ කිරීමට එකඟ උනේ බලවත් අකමැත්තෙන්. කැලෑ නීතිය වෙනුවට මම හෙද කාර්ය මණ්ඩලයේ පැමිණීම් සහ පිටවීම් ලේඛන පිළිගත් නීති රීති අනුව පවත්වාගෙන ගියා. රාතී‍්‍ර වාට...්ටු නිරීක්ෂණ නොකඩවා කරගෙන ගියා. එක සෙනසුරාද දිනක මා රෝහලට යමින් සිටියදී මගේ කාර්යාලය ඉදිරිපස අසූචි පාර්සලයක් තබා ඇති බව මට පණිවිඩයක් ලැබුණා. තිබ්බ එකා හිතේ අසුචි තියෙන එකෙක් බැවින්ද මගේ හිත අපිරිසිදු කර ගැනීමට මා අකමැති හෙයින්ද මට එම දසුන ැකීමට අනවශ්‍ය බැවින්ද මා රෝහලට පැමිණීමට පෙර අදාළ ස්ථානය පිරිසිඳු කර එම සිදුවීම අමතක කර දමන ලෙස මම මගේ සේවකයන්ට දැනුම් දුන්නා.
සති දෙකකට පමණ පසු කොළඹ සෞඛ්‍ය අමාත්‍යංශයේ විමර්ෂණ අංශයේ නිලධාරියෙක් මා හමුවට පැමිණ මට විරුද්ධව හෙද නිලධාරීන් විසින් සිදු කල පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම්ට අවශ්‍ය බව කියා සිටියා. එම නිලධාරියාට සියලු පහසුකම් සලසා දෙන ලෙස පරිපාලන නිලධාරිනියට පැවසු මා අවශ්‍ය ප්‍රකාශ ලබා ගෙන අවසන් වන තෙක් මගේ නිල නිවාසයට ගියේ එදින රාජකාරි වෛද්‍ය බාලසුරිය මහතාට පවරමින්. සවස 2 ට පමණ එම නිලධාරියා මගෙන්ද ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය බව කියා ,අදාළ පෙත්සම කියවා බලන ලෙස කීවේය. ගැහැණුන්ගේ අඟ පසඟ මිරිකනවා ,අත ගානවා ආදී වශයෙන් ඉතා පහත් භාෂාවෙන් ලියා තිබු පෙත්සම උඩින් පල්ලෙන් කියවූ මා ,"ඉතින් මොනවද ඔබතුමා සොයා ගත්තේ " කියා අදාළ නිලධාරියාගෙන් අසා සිටියෙමි. විමර්ශන නිලධාරියා ලෙස සටහන් කරගත් දේවල් කියන්න බෑ. ඒත් රෝහලේ බහුතරයක් ඩොක්ටර්ගේ පරිපාලනයට කැමතියි. නර්ස්ලගේ හිරි ඔතප් බිඳින කතා මේ පෙත්සමේ තිබුනට එක නර්ස් කෙනෙක්වත් එහෙම දෙයක් සාක්ෂි වලදී කිව්වේ නැ. හැබැයි ඒ අය ඩොක්ටර්ට හරි බයයි. ඒ වැරදී කාරයන්ට සමාවක් නැති නිසා. මට කියන්න පුළුවන් එච්චරයි. දැන් ඩොක්ටර්ගේ ප්‍රකාශය මට දෙන්න. කියන්න කිසිවක් නැ කියලා ලියන්න. මම කිව්වා. ඩොක්ටර් තව අවුරුදු 2 ක් වත් මේ ඉස්පිරිතාලේ හිටියොත් තමයි හොඳ. එහෙම කියලා එම නිලධාරියා යන්න ගියා. පරීක්ෂනෙට මොනවා උනාද කියලා තවම දන්නේ නෑ. මම ලෝකේ කාල වතුර බීල තවත් ටිකක් බීපු එකෙක්. කිසි දවසක මම වෝඩ් රවුන්ඩ් තනියෙම යන්නේ නෑ . කිසිම කාමරයකට තනියෙම ඇතුල් වෙන්නේ නෑ. නෝ වුමන් ,නෝ මනි ,නෝ ඇල්කොහොල් , මගේ රුටින් පොලිසි එක. එහෙව් එකාගේ කොහේ හිරි ඔතප් කේස් හොයන්නද ඔය අප්පුහාමිලා.

මගේ එක ලිපියකට සරත් එරමිනිගම්මන නමැති අයෙක් "ගොන් පාට් ' ලෙස අදහස් දක්වා තිබුණා. ඉතා මයිත්‍රියෙන් මට ඔහුට කියන්න තියෙන්නේ මැතිදුනි, මම තනිවම සටන් කලේ මේ රටේ වෘතිය සමිති කල්ලි විසින් ගොන් පාට් දමමින් මේ රටේ අහිංසක මිනිසුන්ට දස වධ දෙන මාෆියාවට එරහිව බවයි. බහුතරය තෝරාගන්නේ ආරක්ෂාකාරී මුනිවත රැකීම වුවත් මම තෝරාගත්තේ මා නොදන්නා අහිංසක මහජනයා වෙනුවෙන් සටන් වැදීමයි. ඒ හැම සටනකින්ම මම ජයගත් බව ඔය ගොන් පාට් මහත්තයත් දැන ගත්තොත් හොඳයි. ගොන් පාට් කතා ඇහෙන කොට ලියන එක නවත්වන්නත් හිතෙනවා. එත් ගම්භාර දෙයියන්ටයි .කබැලාවේ දෙයියන්ට්යි මගේ ජීවිතේ භාර කරලා අතිශය දරුණු මානසික පීඩාවන් විඳිමින් මේ රටේ දුක් විඳින මිනිසුන් වෙනුවෙන් මම කරපු කැපවීම මිස්සු දැනගන්නත් ඕනේ කියලා හිතෙන නිසා දිගටම ලියනවා.මේ කිසිම කථාවක් ප්‍රබන්ධයක් නොවන නිසා හොඳ දේවල් ඉගෙන ගනිල්ලා.මම ලියලා තියෙන්නේ බොරු නම් ඒකත් කියාපල්ලා. මට නැතිවෙන්න දෙයක් නෑ.අලුතෙන් හදා ගන්න දෙයකුත් නෑ. ජීවිතේ හැම දවසක්ම බෝනස්.
See More
 — with Pubudu Pathiraja.






නඩුකාර හාමුදුරුවන්ගේ සොඳුරු වරෙන්තුව ;

කුලියාපිටිය මුලික රෝහලේ වෛද්‍ය අධිකාරි වරයා ලෙස මම වැඩ කලේ මාස 20 යි ,හැබැයි මම හිටියේ පලාතම් හොල්ලගෙන. (පුලුවන්නම් නෑ කියහල්ලා බලන්න ). වටේ පිටේ හිටපු කඩු නිමල්ලා, කප්පම් කරයෝ ,බයිසිකල් පාක් වීරයෝ රෝහල් භූමියෙන් පලවෙනි වටයෙන්ම පලවා හැරියා. ඉස්පිරිතාලේ සුළු ආරවුල් උනහම පොලිසියේ එස් අයි මයත්තයා මගේ ඔෆිස් එකට එනවා, අපි දෙන්න එකතු වෙලා දෙපැත්ත ගෙන්නලා ඉස්පිරිතා...ලේදීම ප්‍රශ්නේ විසඳනවා. බැරි උණ ඒවා උසාවි ගිහිල්ලත් තියෙනවා.පොලිස් මුරපොල ඉස්පිරිතාලේ වියදමෙන් හදලා දුන්නා. හදිසියේ දවසක් පොලිසියේ ලොකු මහත්තයාගේ පණිවිඩයක් මට අරන් ආවේ වෝඩ් මාස්ටර් බන්දුල මල්ලි. පසුවදා උදේ 9 ට කුලියාපිටියේ උසාවියේ නඩුකාර හාමුදුරුවෝ හම්බවෙන්න කියලා. කිසි වරදක් කරලා තිබුනේ නැති නිසා හිතේ බයක් තිබුනේ නැතත් පසුවදා උදෙන්ම බන්දු මල්ලියත් එක්කම මගේ කබල් ඩබල් කැබ් එකෙන් නඩුකාර හාමුදුරුවෝ හමුවෙන්න ගියා. එස් පී මහත්තයා මාවයි බන්දු මල්ලිවයි එතුමාගේ නිල මැදිරිය වෙත එක්කගෙන ගියා. ඉතාම ප්‍රියමනාප එහෙත් ගාම්භීර පුද්ගලයෙක් වූ එතුමා "මට ඩොක්ටර් ගැන දැනගන්න ලැබුණා. හමුවෙන්න ආසාවෙන් හිටියේ" කවුද සර්ට කිව්වේ ? මම ඇහුවා. "සඳුන් ගස් තියෙනවා නේද ? සුවඳ හමනවා නවත්වන්න බෑ. මේ එස් පී මහත්තයා ,රෙජිස්ට්‍රාර් මහත්තයා ඩොක්ටර් ගේ වැඩ ගැන කතා වෙනවා. මම හිතුවේ හරි උස මහත මෝරපු කෙනෙක් කියලා. ඔයා හරි තරුණ ළමයෙක්නේ.මට හරි සතුටුයි ඔයා වගේ තරුණයෝ රට ගැන බොහොම හැගීමෙන් වැඩ කරන එක ගැන. ඔයා මුළු ඉස්පිරිතාලේම ලස්සණට හදනවා කියලා රෙජිස්ට්‍රාර් මහත්තයා කිව්වා. උසාවියෙන් රාජසන්තක කරන වැලි ඉස්පිරිතාලෙට සහන මිලට දෙන්න කියලා මම කිව්වා. උසාවියට ඉල්ලීමක් කරලා රෙජිස්ට්‍රාර් මහත්තය එක්ක ඒ වැඩේ කරගන්න. මමත් කුරුණෑගල මලියදේව විදුහලේ ඉගෙන ගත්තේ. අද අපේ රාජකාරිය අවංකව කරන එක හරි දුෂ්කරයි. අපේ දෙමව්පියෝ අපිට කියලා දුන්නේ හරි දේ කරන්න විතරයි. අපි තීන්දු තීරණ ගන්නකොට අපේ ජීවිත වලටත් යම් අවදානමක් තියෙනවා. එත් අපි උපරිමයෙන් හරි දේ වෙනුවෙන් පෙනී හිටිනවා. ඔයාගේ වැඩ වලට මම සුභ පතනවා. එසේ කියමින් එතුමා අපිට සමු දුන්නා. එවකට රුපියල් දොළොස්දාහක් විතර වූ වැලි කියුබ් එකක් ඊට වඩා බොහොම අඩු මිලට අපි උසාවියෙන් ගත්තා. සමහර අවස්ථා වල නොමිලේම වැලි ලැබුණා. සමහර එව්වෝ තමන්ගේ මාලිගාවල් හදන්න නිල බලය යොදා ගත්ත අවස්ථා එමටයි. හැබැයි මම වැලි කැටයක්වත් අපතේ යැව්වේ නෑ. අම්බලමක් වගේ තිබුන රෝහලකට තරු පහේ හෝටලයක පෙනුම අරන් දුන්නේ ඔන්න ඔහොමයි. නඩුකාර උත්තමයෙකුගේ නිල ැදිරියටම ආරාධනා කරලා පුටුවේ වාඩිවෙන්න දීපු අවසරය කාඩ්බෝඩ් සම්මාන දාහකට වඩා මට මවටිනවා.මම ඉතින් සඳුන් නෙවෙයි. ඒත් ඉතින් මටත් කියන්න තියෙන්නේ එතුමා කියපු දේම තමයි. "සඳුන් ගස් තියෙනවා නේද ? සුවඳ හමන එක නවත්වන්න බැ" See More
 — with Pubudu Pathiraja





සාරිය පමණක් ඉල්ලු ඇමතිගේ හුරතල් කේතලේ මල්ල;

දඹුල්ල රෝහලේ වෛද්‍ය අධිකාරී ලෙස මා පත් වන්නේ පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ශාන්ති සමරසිංහ මහත්මියගේ පෞද්ගලික ඉල්ලීමක් අනුවයි. එතුමියට මා ඉතා හොඳ පරිපාලකයෙකු බව රෙකමදාරු කරන්නේ විශේසඥ වෛද්‍ය ලක්කුමාර මහතායි. එල්.ටී .ටී යුද්ධයේ දරුණුම සමය වූ මෙකල මෙම රෝහල භාර ගැනීම්ට කිසිවෙකු ඉදිරිපත් නොවුයෙන් ජන්ම ගතියට ජාතික අභිමානයත් එකතුවී ආසාවෙන් ඉල්ලන්කා දඹුලු රෝහලට තනි කො...ලේ පත්වීම් ලිපියක් අතුල කහඳ ලියනගේ මහතාගෙන් ලබා ගත්තෙමි. මා එහි ගිය පළමු දවසේ කිසිවෙකුට මා කවුරුන්දැයි නොකියා වෙස්වලාගෙන මුළු රෝහලේම කරක් ගැසුවෙමි. ගුටි කෑමට ඉඩ තිබෙන නිසා පරිපාලන නිලධාරියා පමණක් දැනුවත් කෙරුවෙමි. පරිපාලනය කෙසේ වෙතත් හැමෝම තම තමන්ට ඕනෑ විදිහට ස්වයං පරිපාලන එකක ගොඩ නගාගෙන තිබුණි. යන එන වෙලාව තමන්ට ඕනෑ විදිහට් වූ අතර සුළු සේවකයෝ බොහොමයක් ටී ෂර්ට් ඇඳගෙන එහෙ මෙහෙ රස්තියාදු වෙමින් කයිවාරු ගසමින් සිටියා. දවසක් ඉතා රූමත් තරුණියක් දුරකථන ක්‍රියාකරු තනතුරට පත්වීම් ලිපියක් අරන් මගේ කාර්යාලයට ආවා. ඇගේ ගම මාතලේ . එය දේශපාලන පත්වීමක්. ඒ තරුණිය කිව්වේ චම්පික අයියා දුන්න පත්වීමක් කියලා.මම ලිපිය කියවල බැලුවා. ඇගේ තනතුර ලෙස තිබුනේ සනීපාරක්ෂක කම්කරු, ආවරණ රාජකාරි. මම කිව්වා ඉතින් අද ඉඳලා රාජකාරියට වාර්තා කරන්න කියලා. මම හෙට ඉඳලා වැඩට එන්නම් හැබැයි සර් මට නිල ඇඳුම අඳින්න බැ. සාරිය අඳින්න ඕනෑ මම චම්පික අයියටත් කියලයි තියෙන්නේ කියලා කිව්වා. කව්ද චම්පික අයිය කියන්නේ ,එයා නෙවෙයිනේ දඹුල්ලේ ලොක්කා ,මමනේ ,ඔයා මම කියන විදිහට නිල ඇඳුම ඇන්දොත් මෙහෙ වැඩ කරන්න පුළුවන් නැත්නම් ඉතින් ඒ අයියා ළඟටම යන්න පුළුවන් කියලා මම කිව්වා. සර් දන්නේ නැද්ද ඒ තමයි පලාතේ සෞඛ්‍ය ඇමති තුමා. සාරි අඳින්නේ නැතිව මට වැඩ කරන්න බෑ. මම එහෙනම් ඇමතිතුමාට කියන්නම් සර් මට වැඩ කරන්න දෙන්නේ නෑ කියලා. ඔයාට විතරක් වෙනම ඇඳුමක් අඳින්න දුන්නම හැමෝම තමන්ට ඕනෑ ඇඳුම් අඳින්න ගනී. මම කොහොමද එතකොට මේ තරම් අමාරුවෙන් නිල ඇඳුම් අඳින්න පුරුදු කරපු ඉස්පිරිතාලේ පිළිවෙල ආපහු හරවන්නේ. ඒ නිසා මගේ තීරණේ වෙනසක් නෑ. තරුණිය අතුරුදහන් උනා. එදා රෑ ඇමති ගෝලයෙක් තිත්ත කුණුහරුපෙන් මට බැනවැදී කොළඹ බස් එකේදී මා හමු වන බව කීවා. පසුවදා පළාත් අධ්‍යක්ෂ තුමිය කතා කර ඇමති හුරතලියගේ සාරි ඇඳීමේ මගේ තීරණය ගැන විමසුවා.මට යකා නැග්ගා. මම එතුමියට ලොකු ගෞරවයක් තිබුන නිසා මොකුත් නොකියා හිටියා. නමුත් මම ලක්කුමාර මහතාට දුර කතනයෙන් කතා කළා.පසුදාම මම තනතුර අතහැර කොළඹ යන බව ඔහුට දැන්වුවා. කලබල නොවී පැය භාගයක් දෙන ලෙස ඔහු මට කීවා. හරියට පැය භාගයකින් ඔහු මට කතා කළා. " ඔයාට ඕනෑ හැටියට වැඩ කරගෙන යන්න කියලා ශාන්ති කියන්න කිව්වා -කොළඹ නම් යන්න එපාකිව්වා " කරදරේ ඉවර උනේ නෑ. එවකට මධ්‍යම පළාත් සභා නායකගේ ඥාති අධ්‍යක්ෂ වරයෙක් ආයෙත් කතා කළා. රෝහලක විනය එක හොර ගෑනියෙකුට සාරි අන්දවන එකට යට කරන්න මම දෙන්නේ නෑ කියලා මම කිව්වා.මා ගැන දන්න ඔහු උඹ හරි , හැබැයි පරිස්සම් වෙයන් කියලා කිව්වා. මම ඔහුට දුන්නෙත් පරණ උත්තරේ තමයි . "ඕනෑ යකෙක් දෙකයි පනහයි, කැමැත්තෙන් දඹුලු ආපු මට උලත් එකයි ,පිලත් එකයි." මේ සිද්ධිය චීන කන්නාඩිය කියන කොලමට ලංකාදීපේ කාංචන ආරියදාස ලියු ලිපිය තවම මා ළඟ තියෙනවා. කොහොම උනත් දිගු කලක් එකම ඉස්පිරිතාලේ වැඩ කරපු අයට මගේ පරිපාලන රටාවට හුරුවෙන්න ඒ තරම් ලේසි උනේ නෑ.චන්ද්‍රිකා නෝනගේ ආණ්ඩුවේ බලවත් මැති ඇමතිලාට මගේ රාජධානිය යටත් කර ගන්න මම ඉඩ දුන්නේ නෑ. මම හැම විටම කිව්වේ " I am the King , mind you I am the only King " කියලා. කෙලින් වැඩ කරපු මට කාගෙන්වත් අභියෝගයක් තිබුනේ නෑ. මගේ මේ ක්‍රමයට රන්ගිරි දඹුලු නායක හාමුදුරුවෝ බොහොම ආශිර්වාද කළා. මම ආපහු කොළඹ ආවේ පරිපාලනය කියන්නේ මොකක්ද කියලා දඹුල්ලට උගන්වලා. මම ආවට පස්සේ මොනවා උනාද දන්නේ නෑ . See More
AT Sudarshana





සූරිය සිරස, ඔටෝනොමි අහිමි කල මහ ජනතාව සහ මම.
පසුගිය දිනෙක සූරිය සිරස නිවේදක අනුෂ මහතා දුරකතනයෙන් මා අමතා රාගම රෝහලේ 21 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි තම පියාගේ ඇඳට යාබද ඇඳේ ඉතා අපිරිසිඳු සිරකරුවෙකු ප්‍රතිකාර ලබන අතර මේ රෝගියා නිසා තම පියාට අතිශයින් පීඩාකාරී තත්ත්වක් ඇති වී තිබෙන බැවින් තම පියා ප්‍රතිකාර ලබන ඇඳ මාරු කර දෙන්නේනම් එය කියා නිම කල නොහැකි උදව්වක් බව කියා සිටියා. අතිශය කාර්ය බහුල සික...ුරාදා දිනයක් උවද දෙවරක් උත්සාහ කිරීමෙන් පසු අදාළ ඉල්ලීම මා විසින් ඉටු කර දුන් අතර සවස් වරුවේ අනුෂ මහතා ඒ පිළිබඳව මට තම බලවත් ස්තුතිය පළ කළා.

මේ පූර්විකාව තුල ඇත්තේ මගේ මහ ලොකු කෙරුවාව නොව වත්මන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති මජර ස්වභාවයයි (Autonomy - The patient has the right to refuse or chose their treatment ) Access to health care services යටතේ එන එක රෝගී අයිතිවාසිකමක් වන Autonomy නැමැති සංකල්පය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ එකෙකුටවත් වගේ වගක් නැති බව මට වැටහුනේ මා පාසැල් සිසුවකු සිටින අවද්ධියෙමයි. මේ ක්‍රමයට අභියෝග කල හැකි එකම ක්‍රමය දොස්තර කෙනක් වී සුක්කානම අත්පත් කර ගැනීම පමණක් බව තේරුම් ගත් මම අටේ පන්තියේදී ගණිතයට ලකුණු 04 ක් ලබාගෙන දෛවයටත් අභියෝග කර එතැනට පැමිණියේ කොහෙත්ම ලොකු දෑවැද්දක් එක්ක තරු පහේ හෝටලයක වෙඩින් එක ගැනීමට නම් නොවෙයි. එකෙක් තැටමුවාට ක්‍රමය වෙනස් කල නොහැකි බව කියමින් ක්‍රමය වෙනස් වන තුරු නොසිට මට ලැබුණු හැම අවස්තාවකම මුළු වෙර යොදා මා අවට ක්‍රමය උඩු යටිකුරු කිරීමට මම සමත් වුයෙමි. පසුගිය වසර 18 දීම මගේ නමට යා කර ගත් නෑයෝ නොවන නෑයෝ ලක්ෂ ගණනකි.ඒ හැම බොරු නැ කමක්ම භාවිතා කර මම සිදු කලේ මෙවැනි තැන් වලට මැදිහත් වී මගෙන් උපකාර පැතූ අයට අවශ්‍ය දේ ඉටු කර දීමයි.
ඉහත කාරණයේදී මා කියන්නට පෙර අදාළ වාට්ටුවේ බලධාරින් අර අපිරිසිඳු සිරකරුවා අනෙක් ලෙඩුන්ට හිරිහැර නොවන තැනක රැඳවීමට කණ්ඩායමක් ලෙස කටයුතු කළා නම් කොයි තරම් අපුරුද ? මේ හැම එකාම ඉස්කෝලේ ගිය එවුන් නේද ? මේ ලිපිය කියවන කොල්ලෝ කෙල්ලෝ කල යුත්තේ මොකක්ද ? වැරදිලා හරි නර්ස් කෙනෙක් ,දොස්තර කෙනෙක් ,සාත්තු සේවකයෙක් උණ දාට මගේ උදාහරණ ගාථාව මතක් කරගෙන මේ වගේ තැන් වලදී මම හිතන විදිහට හිතීම හා ක්‍රියා කිරීම නේද ?.අහස පොලොව ගැට ගහන්න ට්‍රයි කරන්නේ නැතිව එහෙම කරපල්ලා.ගින්න ටිකක් හරි නිවන්න පුළුවන් ක්‍රමය ඒකයි. ඒක කරපල්ලා ,මේ මම වගේ අනිත් එවුන් නොකරන එක ගැන විවේචනය කරන ගමන් තමන්ට අවස්තාව ලැබුනහම හරි දේ කරපල්ලා.

ආර්. අයි. ටී. අලස් මහතා තම පාසැලේ තමන්ට් ආවේනික සංස්කෘතියක් ගොඩ නැගුවා සේ මා ද මට ලබා දුන් හැම රෝහලකම වෛද්‍ය, හෙද හා සාත්තු සේවක කණ්ඩායම් "patient friendly response" තත්වට පත් කර ගන්නට සමත් වූ අතර එම රෝහල් වලින් මා නික්ම ගිය පසුත් තරමක් හෝ එම ගති ගුණ නෂ්ඨාවශේෂ වී තිබී නැවත එම රෝහල් අමතන විට මගේ නම කියූ සැනින් රෝගීන්ට ඉතා කාරුණිකව ප්‍රතිචාර දක්වන්නේ අපේ හිටපු ඩී. ඩී. සර් ගේ ලෙඩෙක් කියාය. එහෙම උනේ ඉබේම නොවේ, සති පතා හැමෝම එක්රැස් කර බ්‍රේන් වොෂ් කිරීමෙන් බව මතක තබා ගත යුතුයි.මගෙන් පසුව එම ක්‍රමය පවත්වා ගන්නට අනිත් උදවිය අසමත් වීම පිළිබඳව මට කිව හැක්කේ මට තියෙන මොලේ අමාරුව තියෙන හාදයෝ මේ සිස්ටම් එක ඇතුලේ හඳුන්වන්නේ "පිස්සෙක් ", හෝ "ඉල්ලාගෙ කන එකෙක් " ලෙස බවයි. බොහෝ පරිපාලකයන් බිලියන ගණන් ආයෝජනය කර රෝහල් වල භෞතික සම්පත් වැඩි දියුණු කලද මේ බ්‍රේන් වොෂින් ක්‍රියාදාමය ගැන කිසිඳු සැලකිල්ලක් නොදක්වනනේ මේ ආකල්පය නිසා වෙන්නට ඇති බව මගේ අදහසයි. එමෙන්ම එය ඉතා වෙහෙසකර කාලය ආයෝජනය කල යුතු දෙයක් වීම නිසා විය හැකියි. අපේ රටේ සෞඛ්‍ය සේවකයන් commited leaderers ලා කියන දේ අනුගමනය කිරීමට කිසිඳු පැකිලීමක් නොදක්වන බව මගේ අත්දැකීමයි. සමස්ත system එක වෙනස් නොවී පුද්ගල බද්ධ ක්‍රියාදාමයක් ඵල රහිත යයි තර්ක කරන්නවුන්ට මට කිව හැක්කේ ලඟා විය නොහැකි ඉලක්කය අත හැර මා හට ලඟා විය හැකි ඉලක්කය ඔස්සේ දැනට මගෙන් පිහිට අපේක්ෂා කරන්නවුන්ට් කොන්දේසි විරහිතව උපකාර කරමින් සිටින බවයි. ලබන ආත්ම යේදීත් දොස්තර කෙනෙක් වීමට ප්‍රාර්තනාවක් හිතේ තියාගෙන සිටින්නේ ක්‍රමය වෙනස් කිරීමට මේ ආත්මයේ මට කාලය මදි බව මා දන්නා බැවිණි.
See More
 — with Chula Ranjeewa Adikari and Nilanga Gamage







රතු ඉර නිසා බෝම්බේ මිස් වූ මිසීලා ;--
දඹුල්ල මුලික රෝහලේ වෛද්‍ය අධිකාරී වරයා ලෙස සේවයට ගිය දා සිට එහි හෙද නිලධාරීන්ගේ පැමිණීමේ ලේඛනය පෙ. ව. 7.15 ට මා විසින් අත්සන් කිරීම නිසා ප්‍රමාද වී පැමිණෙන උදවිය මා සමග පසු වුයේ තද බල කෝපයෙන්. හෙද නිලධාරීන්ට ප්‍රමාද වී පැමිණීමට කිසි සේත් ඉඩ නොදුන් නිසා තමන් රෝහලට පැමිණෙන බස් රථය වෙනස් කිරීම හැර ඔවුන්ට වෙනත් විකල්පයක් තිබුනේ නැහැ. මේ නිසා අකමැත්තෙන් උවත් ද...ඹුල්ල රෝහල අසලට පෙ.ව. 6.50 ට ලඟා වන බසයේ ඒමට හද නිලධාරීන් පුරුදු උනා. එක්තරා සෙනසුරාදා දිනක දඹුල්ල නගරයේ මහා ඛේදවාචකයක් සිදු උනා. අනුරාධපුරයේ පැවැත්වෙන පිච්ච මල් පුජාවට යමින් සිටි මහා සෙනගක් සිටි බස් රථයක බෝම්බබයක් පුපුරා ගියේ 14 දෙනෙකුට එතැනම දිවි අහිමි කරමින් ,තවත් 140 දෙනෙකුට බරපතල තුවාල සිදු කරමින්. එදින දහවල් 12.30 ට ජන මාධ්‍ය සඳහා මා විසින් සමාලෝචනයක් සිදු කරනු ලැබුවා. එතැන දඹුල්ල ප්‍රාදේශීය ලේකම් තුමිය වූ හේරත් මහත්මියත් සිටියා. එතුමිය පිරිසට ඇහෙන්න අපුරු කතාවක් කිව්වා. "මේ රෝහලේ හෙදියන් විශාල පිරිසක් අපේ වෛද්‍ය අධිකාරී තුමා නිසා අද තමන්ගේ ජීවිතේ බේරුනා කියලා කියනවා ඇහුණා. වෙනදා නර්සස් ලා 20 ක් 30ක් විතර වැඩට එන්නේ මේ බෝම්බේ පුපුරපු බස් එකේ. ලොකු මහත්තයා රතු ඉර ගහන නිසා මාස ගානක ඉඳන් ඒ අය වැඩට එන්නේ 6.50 බස් එකේ. අදත් හැමෝම ඇවිත් තියෙන්නේ ඉස්සෙල්ල බස් එකේ. බෝම්බ බස් එකේ අද ඇවිත් තියෙන්නේ එක හෙදියයි . එයාට සුළු තුවාල තියෙන්නේ." දඹුල්ල ලංකාදීප වාර්තාකරු කාන්චන ආරියදාස මහතා ඒ කාලේ මේක වාර්තා කරලා තිබුනේ "වෛද්‍ය අධිකාරීගේ රතු ඉර නිසා හෙදියන්ගේ දිවි බෙරේ" කියලයි. ඒ අස්සේ එක ඇම්ඩන් කෙනෙක් අහපි සර් කොහොමද බෝම්බෙ 6.50 බස් එකෙ පිපිරුවනම් එහෙම කියලා. කොහොමද උගේ පොසිටිව් තින්කින් ? See More




ළමා රෝහලේ මණි බඩු ගේට්ටුව විවෘත කල කපටි නරියා --
වසර 2006 දී මා කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වරයෙකු ලෙස තාවකාලික පත්වීමක් ලබන කොට වනාතමුල්ලේ චන්ඩි සෙට් එක රෝහලේ ආරක්ෂක නියාමකයන් දෙදෙනෙකුගේ අත පය කඩා දමා රෝහල් ගත කර තිබුනා. ඒ විතරක් නෙවෙයි දේශපාලන අනුග්‍රහයෙන් රෝහලේ මැගසින් බන්ධනාගාරය පැත්තේ ප්‍රධාන ගේට්ටු දෙකෙන් එකක් විවෘත කරන්න දුන්නෙම නැ. පදික වේදිකාව සමග ගේට්ටුව යා කරගෙන එතැන මණි... බඩු වෙළදාම කරගෙන ගියේ බලහත්කාරයෙන්. කුඩා දරුවෝ වඩාගෙන අම්මලා ඉතා අමාරුවෙන් කුඩා දොරටුවකින් තමයි රෝහලට ඇතුල් උනේ. ගිලන් රථ රියදුරොත් නිතර මට කිව්වා මේ ගේට්ටුව ඇරලා දුන්නොත් යු ටර්න් ගහලා ලේසියෙන් ගිලන් රථ හසුරුවා ගන්න පුළුවන් සර් කියලා. මම කාරණේ ලොකු මහත්තයෙකුට කීවා. " පාර පනින කොට පිහි ඇනුම් කන වැඩ කරන්න එපා " කියලා මට අවවාද කළා. ඒ කතාව සම්පුර්ණ ඇත්ත. අනක් ගුණක් නැති වනාත මුල්ලට මාව තවත් එක මී පැටියෙක් විතරයි. එත් ඉතින් මට තිබුන උණ හොඳ උනේ නෑ. ලොකු මහත්තයා ව්‍යාපෘතියකට නිවාඩු ගියා. එක පාරම මගේ උණේ උත්සන්න උනා. මේ කාලේ වෛද්‍ය වරුන්ගේ ආපන ශාලාව නවීකරණය කරලා ඒ අය අතර මම බොහොම ජනප්‍රියයි. මම මගේ අදහස වෛද්‍ය සංගමයේ මිතුරන්ට කිව්වා. ගේට්ටුව ඇරලා අවදානම් තත්වයක් වෙළෙන්දන්ගෙන් ආවොත් මට ඕ නෑම සහයෝගයක් දෙන්න ඒ අය කැමති උනා. හදිස්සියේම දවසක පාන්දර 4 ට විතර ගේට්ටුව ඇරියා. උදේ කිසි කලබලයක් උනේ නෑ. දවල් 2 ට විතර මාව හමුවෙන්න වයස අවුරුදු 60 ක විතර ආච්චි අම්මා කෙනෙක් ආවා. "මම අවුරුදු 40 ක් නෝනා වාට්ටුව ඉස්සරහ තැඹිලි විකුණලා රස්සාව කරන්නේ. මේ මණි බඩු කඩ මම තමයි කුලියට දීලා තියෙන්නේ. කරුණා කරලා ගේට්ටුව වහලා මගේ කොල්ලන්ට වෙලදාම් කරන්න ඉඩ දෙන්න , මේ තියෙන්නේ අපිට කොලොන්නාවේ මන්ත්‍රී තුමා අවසර දීපු ලියුම" කියලා කිව්වා. මම කපටි නරියාගේ රෝල් එක රංග පෑවා. එක නේන්නම් අම්මේ මේ ඔක්කොම කරන්නේ ඕ.පී. ඩී. එකේ දොස්තර මහත්තුරු. මම එපා කියද්දී ඔය ගේට්ටුව ඇරියේ. අද උදේ මම ඕක වහන්න යන කොට ගේට්ටුව වැහුවොත් දොස්තර මහත්තුරු ස්ට්‍රයික් කරනවා කියලා මටත් බැනලා ගියානේ. මම පට්ට පල් බොරුවක් කීවා .නෑ නෑ මේක මහත්තයාගේ වැඩක් කියලා තමයි අපේ වනාතේ කොල්ලෝ මට කිව්වේ. එන පොට හොඳ නැති බවත් ඇඩ්රස් නැති රිටර්න් එකක් ෂුවර් බවත් අම්මගේ කතාවෙන් මට තේරුණා. හරි දැන් අම්මනේ මේ කඩ පේලියේ අයිති කාරයා. දැන් ඇරපු ගේට්ටුව වහන්න ගිහින් දොස්තර මහත්තුරු ස්ටයික් කලොත් අමාරුවේ වැටෙන්නේ පොඩි ළමයිනේ අම්මේ. මේ ගේට්ටුව වහන්න කියලා ඉස්පිරිතාලේ පරිපාලන කමිටුවට අම්මා ලියුමක් දෙන්න. හැබැයි එකේ අම්මගේ පොටෝ එකක් අලවන්න ඕනේ. වනාත මුල්ලෙන් පැමිණිය හැකි ඇඩ්රස් නැති රිටර්න් එකේ ඇඩ්රස් එක ඒ විදිහට් ලියාපදිංචි කරගත්තා. ඊට පස්සේ මම කලේ කල් මරණ ප්‍රතිපත්තියයි. ගේට්ටුව වසා දැමීමට හැම කෙනා එක්කම සාකච්චා කරමින් ඉන්න බව අගවමින් සිටි මා වත තමන්ට එපා වෙනකම් අම්මා මගේ කාර්යාලය වෙත ආවා ගියා. මගේ වාසනාවට රෝහලේ මුර කුටිය ඉදිකිරීම් කටයුතුත් මේ කාලෙම පටන් ගත්තා.පස්සේ කාලෙක සම්පුර්ණ පදික වෙදිකාවම් වෙළෙන්දන්ගෙන් නිදහස් උනා. මේ සිද්ධිය ගැන දැනගෙන හිටියේ මගේ මිත්‍ර වෛද්‍ය වරු කීප දෙනෙක් පමණයි. බරපතල පාතාල තර්ජනයකට ගොදුරු නොවී උපක්‍රමශීලිව ගේට්ටුව ඇරගත්තා කියලා මේක කියවන අයට වැටහෙයිද මන්දා ? See More
 — with Pubudu Pathiraja.





ඇදුම, හතිය සහ ඉන්හේලර් --(මගේ අත්ගුනයට බහුශ්‍රුතයන් අභියෝග නොකළ මැනවි )

බුදු අම්මෝ ඇදුම, හතිය , කාස රෝග අපේ හත් මුතු පරම්පරාවේම නෑ කියලා උදම් ඇනු ජාතියක් වන අපි ප්‍රසිද්ධියේ උජාරුවෙන් ඉන්හේලර් උරන්නන් බවට පත් වුනේ කෙසේද? මගේ අත්දැකීම් අනුව මට මතයක් තිබේ. එනම් ඇදූම සහ හතිය යනු රෝග නොව තම තමාට ආවේනික වූ අසාත්මිකතා වලට දක්වන ප්‍රතික්‍රියා තත්වයන්ය. (Reactionary contitions for individual hypersensitiv...ities). දීර්ග කාලීන සහ වට්ටෝරු ඖෂධ ප්‍රතිකාර ඉතා සුළු පිරිසකට අවශ්‍ය වන බවට විවාදයක් නැත. එහෙත් ඉඳුරාම කිව යුත්තේ යන්තම් කිඹුහුම් දෙකක් යන එකාටත් කිඹුහුම් යාමට හේතුව නොසොයා ඉන්හේලර් මැෂින් විකිණීමට වගකිවයුත්තෝ ගානට වගබලාගෙන ඇති බවයි. මෙය හිටපු ගමන් නින්දෙන් නැගිට හිතුමතේ ලියන්නක් නොව වසර 18 ක් ිස්සේ මෙවැනි තත්වයන්ට මුහුණ දුන් කුඩා දරුවන් රැසකට කිසිඳු මැෂිමක් කටේ ඔබන්නේ නැතිව සන්තෝෂෙන් ජීවත් වෙන්නට වරම් ලබා දුන් ජීවමාන අත්දැකීම් පිලිබඳ වාර්තාවකි.
බලන්ගොඩ රාස්සගල හතන්හාමි වෙද උතුමා මාගේ සීයා වූ ආභාෂය නිසා දේශීය වෛද්‍ය ක්‍රමයේ දක්වන ආහාර චර්යාව හා රෝග තත්වයන් පිළබඳව මා දැඩිව විස්වාස කරන අතර පසුගිය වසර 18 ම රෝගීන්ගෙන්ම අසා දැන ගත් පහත සඳහන් ආහාර වට්ටෝරුව මා විසින් මගේ රෝගීන්ට තහනම් කර තිබේ.

එම ආහාර නම් යෝගට් ,චොකලට්, අයිස් ක්‍රීම්, අඹ,ඇඹුල් කෙසෙල්, මෝල්ට් හෝ චොකලට් අඩංගු කිරි හෝ බිස්කට් වර්ග, සමහර සොසේජස් ආදියයි.සමහර අය උදේ ඉතා හොඳින් හිඳ සවස එක වර හතිය හදා ගන්නවා. ඒ අයගේ උදේ ආහාර වෙලේ අසාත්මික ආහාරය මා හොයාගෙන තියෙනවා. (අපි කුඩා කාලයේ බත් කනවා වගේ යෝගට් අයිස් ක්‍රීම් කා චන්ඩි බන්ඩි උනේ නැති බව ිහිස කරමි ).සමහර අය මකුළු දැල් කඩපු දවසට ලෙඩ වෙනවා. මම කියන්නේ එදාට නෑදෑ ගෙදරක ඉන්න කියලා. ඇතැම් අයගේ නිවෙස් අසල පරවී කුඩු තියෙනවා. ඒවාට අසාත්මික වී හතිය හැදෙනවා.ජීවිත කාලෙම මැෂිමක් උරනවාට වඩා පරෙවියෝ නැති තැනක පදිංචි වීම හොඳයි.සමහර අයට ආහාර සම්බන්ධතාවයක් කොහෙත්ම නැති වෙන්න පුළුවන්. හොඳ ඕප දූප පාරකින් තමයි හේතුව හොයා ගන්න වෙන්නේ. එහෙම නැතිව පුටුවේ වාඩි වෙන කොටම බෙහෙත් ලියන ක්‍රමයට මේ නාඩිය අල්ලන්න බෑ.මෙය දැනුවත් කිරීමක් මිස වෙළඳ දැන්වීමක් නොවේ. මගේ හතන්හාමි සීයාගේ අත්ගුණය මටත් තියෙන බව විශ්වාස නිසා මේ ක්‍රමයට මම ලෙඩ හොඳ කළා. මේ දැනුමත් හිතෙ තියාගෙන ඔබේ පවුලේ වෛද්‍ය වරයා සමග ලෙඩේ හොඳ කර ගන්න. ඕව එයාට කියන්න යන්න එපා. මමනේ දොස්තර, ඔයා මට උගන්නන්න එනවද කියලා ඇහුවොත් මලානේ.
(මගේ ලිපිය මොන පිස්සු විකාරයක්දයි හිතෙන සඟයෝ වෙත් නම් මු ගොඩ වෙදෙක් යයි කියා හිත හදා ගන්න.)
ප.ලි.- කොම්පැනි කාරයන් මිලියන ගණන් ඉන්හෙලර්ස් හදන නිසා ඒ අයට මාර්කට් එකක් ඕනෑ බැවින් ඕනෑ එකාටයි එපා එකාටයි දෙන්නටම් මේවා විකිණීමේ වෙළඳ ජාලයක් ඇති වීමේ ඉඩකඩක් නැතුවා නොවේ .
See More
 — with Pubudu Pathiraja and Priyanka Jayasooriya.





සායන පෝලිමේදී වයස වැඩිකර ගත් අම්මා සහ ස්වර්ගය අපායට හැරවූ නරුමයෝ - 

ජම්මෙට වැඩිය පුරුද්ද ලොකු නිසා මහජන පැමිණිලි මගේ කාර්යාලයේදී විමසා බැලීම රාගම ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වරයා ලෙස සේවය කල වසර 2015 - 2016 කෙටි කාලය තුළදීත් මා විසින් සිදු කළා. ෆාමසි නෝනා කෙනෙක් පෝලීම පැනපු හොරක් මා වෙත රැගෙන ආවේ මහා වීර ක්‍රියාවක් කල විලාසයෙන්. හොරා වෙන කවුරුත් නෙමෙයි තමා වයස අවුරුදු 60 ට වැඩි රෝගියෙක් යයි ...වැඩිහිටි පෝලීමේදී බොරු කියා අසු වූ අවුරුදු 56 ක අම්මා කෙනෙක්. අම්මගේ මුහුණේ තිබුනේ දුක් මුසු වරද කාරී පෙනුමක්. අනේ පුතේ මම වයස වැඩියෙන් කියලා වැඩිහිටි පෝලීමට ගියේ අනිත් පොලිමේ සෙනග හුඟක් ඉන්න නිසා. මට හන්දි අමාරුව පුතේ. ගොඩක් වෙලා හිටගෙන ඉන්න බැ පුතේ.මට සමාවෙන්න. කියලා ඇය කීවා. සමාව ගන්න ඕනැ අපියි අම්මේ ,අම්මලාව පෝලිං වල ගාල් කරනවට, අම්මා අද මේ නෝනාගෙන්ම බෙහෙත් ටික අරන් යන්න. මම ඉක්මනට බෙහෙත් දෙන ක්‍රමයක් හදන්න බලන්නම්. එසේ කියා අම්මාව බෙහෙත් ටික දී පිටත් කර යවා වහාම අදාළ ඖෂධ වේදීන් කැඳවා ඕ.පී .ඩ්. කවුළු 5 න් 2ක් දියවැඩියාව සහ අධි රුධිර පීඩනය සඳහා විවුර්ත කිරීමට යෝජනා කළා. ඖෂධවේදීන් විවිධ හේතු ඉදිරිපත් කරමින් වැඩේට තද බල ලෙස විරෝධය පෑවා. රෝහල් අධ්‍යක්ෂ සමරසිංහ මහතාගේද අනුමැතිය ගෙන කෙසේ හෝ මගේ සැලැස්ම ක්‍රියාත්මක කළා. වැඩේ හරියට සිද්ද වෙනවද කියලා නිතරම ඕ.පී .ඩී. සායනයෙයි, ක්ලිනික් සායනයෙයි විටින් විට කරක් ගැහුවා. වැඩේ කිසිම අවුලක් නැතිව හොදින් කෙරුනා. මීට පෙර 500ක් විතර තැම්බි තැම්බි අපායේ හිටපු අම්මලා තාත්තලා ,සීයල ආච්ච්චිලා දැන් නම් ස්වර්ගයට ගියා වගේ සර් කියලා දියවැඩියා සායනයේ හා ප්‍රෙෂර් සායනයේ හෙදියන් නිතරම ඉතා සන්තෝෂයයෙන් මා සමග කිව්වේ ප්‍රගති සමාලෝචන රැස්වීම් වලදී. හැබැයි මම දැනගෙන හිටියා ෆාමසි මහත්තුරු නෝනලා මේක තමන්ගේ පරාජයක් ලෙස හිතා ගෙන හිටිය බව. පසුගිය මාසේ මම දරුණු ලෙස අසනීපව රාගම රෝහලේ ප්‍රතිකාර ලබන අවස්ථාවේ මා බැලීමට ආ ව්ශාල පිරිස අතරේ සිටි කිහිප දෙනෙක් ඉතා කනගාටුවෙන් මගේ හද කම්පා කරන ප්‍රවෘතියක් ඉතා හැඟුම්බරව කීවා. සර් සායන දිස්පැන්සරියේ මිනිස්සුන්ට උදා කල ස්වර්ගය ආයෙත් අපායට් හරවලා. පරණ විදිහට ආච්චිලා සීයලා සායන කොටුවේ ස්ටීම් කරනවා.

ප.ලි ; විවිධ හේතු දක්වමින් තම ලේසිය පිණිස සාර්ථකව ක්‍රියාත්මක කර පෙන්වූ සේවාවක් අත් හිටුවා මහජතාව පීඩාවට පත් කරන ආයතන වලට එරෙහිව කරුණු සොයා බලන ලෙස මහජනතාව සෞඛ්‍ය අමාත්‍යාංශය පැමිණිලි කල යුතු බව මේ රටේ පුරවැසියෙකු ලෙස මහජනතාවට යෝජනා කරමි. පාසැල් සිසුවෙකු ලෙස මා පටන් ගත් අරගලය කුමන හෝ බලවේගයක් හමුවේ මම හකුලා නොගනිමි. ව්‍යාජ කාඩර් ප්‍රොබ්ලම් ඉදිරියට දමමින් මහජනතාව නොමරා මරණ දුෂ්ට් මිනිසුන් ඉල්ලන්නේ අපාගත වීමේ ක්‍රමයම නම් ඒකට ඉතින් මම මක් කොරන්නද? අදාළ නොවන අය අහක බලාගෙන තොප්පිය හරි එවුන් දා ගනිල්ලා. මට උලත් එකයි ,පිලත් එකයි. ඕනැ යකෙක් දෙකයි පනහයි.
See More
 — with Priyanka Jayasooriya.AT Sudarshana









හෙද සංගමය සමග සිදු කල ගල උඩ සටන :

වසර 2012 දී මා කුලියාපිටිය මූලික රෝහල භාර ගන්න විට එම රෝහල හැදින්වුයේ කුලියාපිටිය මෝචරිය ලෙසයි. ඊට හේතුව වුයේ රාතී‍්‍ර කාලයේ ඇදෙන් වැටී සතියකට එක මරණයක්වත් වාර්තා වන තත්වයක් තිබීමයි. මා වැඩ භාරගෙන සතියක් තුල පහත සඳහන් කාරණා ක්‍රියාවට නැංවූයෙමි.
1. හෙද නිලධාරීන්ගේ පැමිණීමේ ලේඛනය පෙ, ව. 7.20 ට කාර්යාලයට ගෙන්වා ගැනීම.
2.පෙ. ව්‍ .7.15 ට පෙර හෙදියන් වාට්ටුව තුල රාජකා...රී ඇරඹිය යුතු බව අවධාරණය කිරීම.
3. වාර්ෂික වැටුප් වර්ධක නිර්දේශ කිරීමේදී සියලු සේවකයන් සම්මුක පරීක්ෂණයකට භාජනය කර වැරදි නිවැරදි කර ගැනීමට උපදෙස් දීම (වෛද්‍යවරුන්ද ඇතුළුව )- මේය ආයතන සංග්‍රහයේ නියමයකි -
4.රාත්‍රී 10 ට එකවර හෙදියන් දෙදෙනාම් විවේක ගැනීමේ එවකට පැවති පිළවෙත තහනම් කිරීම.(මෙය නීති විරෝධී නිසා )
5. මා විසින් වාට්ටු නිරීක්ෂණය රාත්‍රී 10 සිට 12 දක්වා සිදු කර ,පසුදා 5 ට නැවත වාට්ටු නිරීක්ෂණය කර පෙරවරු 10 ට පසු සමාලෝචන රැස්වීම පැවැත්වීම.
6. හෙද සොයුරියන් දෙදෙනෙකු රාත්‍රී වැඩ මුරයට යෙදවීම.
7. කිසිවෙකුට නොදැනෙන්න වාට්ටුවලට ගොස් රෝගීන්ට බැන වදින, අශෝභන ලෙස සැරෙන් කථා කරන හෙදියන් අතටම අල්ලා ගෙන ඔවුන් මගේ කාර්යාලයට කැඳවා නැවත එසේ නොකරන ලෙස තරයේ අවවාද කිරීම.(කරුමෙට මේ වරදට හෙද සංගමයේ ශාඛා ලේකම් මගේ අතට අසු උනා)

ඉහත ක්‍රියා කලාපය හෙද හෙදියන්ගේ maanawa හිමිකම් උල්ලන්ගනය කිරීමක් සහ හෙදියන්ට් වධ දීමක් යැයි කියා මට එරෙහිව හිමි නමකගේ ප්‍රධානත්වයෙන් යුතු හෙද සංගමය පළාත් අධ්‍යක්ෂ වරයාට පෙත්සමක් ලිව්වා. පළාත් සෞක්‍ය අමාත්‍ය අශෝක වඩිගමන්ගාව ,පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ, ඉදිරියේ මට එරෙහිව ඉහත කාරනා සඳහන් චෝදනා විභාග කිරීමට ගරු හිමියන් ,ගිහි ලේකම් කොලබින් පැමිණි අතර කුලියාපිටියේ හෙද හෙදියන් වාහන කිහිපයකින් මට එරෙහිව සාක්ෂි දීමට කුරුනෑගල පළාත් සෞඛ්‍ය ඇමති කාර්යාලයට ආවා. එක් නිර්භීත හෙදියක් මා වෙනුවෙන් කරුණු කීමට පැමිණ සිටියා. මම තනිවම විත්තිකරු ලෙස මට එරෙහිව සිදු කල අභූත චෝදනා නිහඬව අසා සිටියා. චෝදනා එකින් එක විස්තර කෙරුනේ පළාත් සෞඛ්‍ය ලේකම් වරිය ඉදිරියේයි. සියලු කාරණා ආයතන සංග්‍රහයට අනුකුල බව එතුමිය කියා සිටියා. නඩුව අහක ගියා.
මමත් පොඩි බණක් කීවා. "අපේ හාමුදුරුවනේ හදිසියේ ඔබ වහන්සේ මගේ රෝහලට ගිලන් වෙලා ආපු වෙලාවක නර්ස්ලා දෙන්නම එකවර නින්දට ගියොත් ඔබ වහන්සේව බලා ගන්නේ කවුද හාමුදුරුවනේ? මේ රටට සේවය කරන්න ගිහිල්ල අර අනගාරික ධර්මපාල උත්තමයටත් අපේ එවුන් සලකපු සැලකිල්ලෙ හැටියට ඒ උත්තමයා මගේ රට දිහා වත් නොබලා මැරෙන තරමට කල කිරුනා නම් මේ පුංචි මට මොනා උනහම මොකෝ හාමුදුරුවනේ, කියලා කිව්වා මතකයි. එහෙනම් දොස්තර මහත්තයා අපේ නර්ස් නෝනලා ටික හොඳින් බලාගෙන සමාදානයෙන් ඉන්න කියලා හාමුදුරුවෝ කිව්වා මතකයි.ඊට පස්සේ ලෙඩ්ඩු ඇඳන් වලින් වැටිලා මරුනෙම නෑ, මම මගේ පාලන රටාව අත අරියේත් නෑ. මගේ පරිපාලනයට අවනත වෙනවා හැරෙන්න හෙද හෙදියන්ට කල හැකි දෙයක් තිබුනෙත් නෑ. මම රෝහලින් සමු ගන්න දා කිසිම හෙදියක් සුභ පතන්න ආවෙත් නෑ. රැපින් පේපර් වල ඔතපු තෑගී මට ලැබුනෙත් නෑ. හිස් අතින් ගෙදර ආපු මට කිසි දුකකුත් නෑ. මොකද ,සිංහයෝ තණකොළ කන්නේ නෑ.(ප.ලි . මෙම රෝහල එම වසරේ The Best Emerging Hospital of The Province 2012 සම්මානය මට ලැබුණා )
See More






සිලි සිලි බෑග් ගෙන ඒ. සී. බස් එකේ ගොස් ඩ්‍රයිවර් කැබින් එකෙන් කෑම කෑ හැටි.--
වෛද්‍ය පරිපාලන පශ්චාත් උපාධිය සමත් වී නියෝජ්‍ය අධ්‍යක්ෂ වරයෙකු ලෙස කොළඹ ළමා රෝහලේ වසරක පමණ සේවා කාලය තුල එහි අතිශයින් ජනප්‍රිය වීමේ ප්‍රතිඵලය වුනේ එහි සිටි ලොකු මහතා හේතුවක් නොදක්වා මාව සාමාන්‍ය වාට්ටුවක වෛද්‍ය වරයෙකු ලෙස අනුයුක්ත කිරීමයි. මගේ හැකියාවන් හඳුනාගෙන සිටි වත්මන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තුමා මා හට හලාවත මහා රෝහ...ලේ වෛද්‍ය අධිකාරි තනතුර භාර දුන්නා.එතැනින් පටන් ගත් ගමන දඹුල්ල, මාරවිල,කුලියාපිටිය, රාගම ආදී රෝහල් හරහා දිග ගමනක් ගියා. දඹුලු යන්න ඒ .සී ,බස් එකට උදේ 4 ට නුවර පාරේ තොරණ හන්දියෙන් නගිනවා. දඹුල්ල ඉස්පිරිතාලේ ලොක්කා වෙච්චි මගේ සීට් එක රියදුරා කොළඹ ඉඳන් අරන් එනවා. හුඟක් දවස් වලට මේ බස් වලට අත දරුවෝ අරන් අම්මලා නගිනවා. ඒ අය ගොඩක් වෙලාවට වාඩි වෙන්නේ මට යාබද ආසනේ. පොඩි එවුන් හුඟක් වෙලාවට ඒ .සී බස් එකේ වමනේ දානවා, හැබැයි අම්මලාගේ කිසිම සුදානමක් නෑ. අවුරුදු 4 ක් දඹුලු බඩගෑව මම නිතරම මගේ ගමන් මල්ලේ ෂොපින් බෑග් කීපයක් තියාගෙන ඉන්නවා. ළමන්ගේ හැසිරීම ගැන හොඳ ඉවක් තියෙන මම පොඩි එකා වමනේ දානකොටම ෂොපින් මල්ල අම්මා අතට දෙනවා.කොන්දොස්තරගේ ෂොපින් මල්ල එනකොට කෝච්චිය ගිහිල්ලා. කොහොම හරි මගේ වෑයම හුඟක් දවස් වලට හරි යනවා. සමහර දවස් වලට වැඩේ වරදිනවා. එදාට ඉතින් මම නානවා. බස් එකේ හැමෝම අම්මට මුණු මුණු ගාල දොස් කියනවා.හැබැයි උදව් කරන්න එකෙක්වත් නෑ. සමහර දාට මගේ අතේ තියෙන වමනේ පෙත්තක් අම්මා අතට දෙනවා. මාව අදුනන්නේ නැති නිසා මගේ හැඳුනුම්පත පෙන්නලා මම දොස්තර කෙනෙක් බව කියන්න වෙනවා. නැත්තම් ඉතින් වදින්න ගිය දේවාලේ ඔලුවට කඩන් වැටෙනවා.

අවුරුදු ගානක් බස් එකේ යන නිසා ඩ්‍රයිව්ර්ලා ,කොන්දොස්තරලා මගේ හොඳ යාලුවෝ. සරල ඇඳුමක් ඇඳන් ඉන්න මම අහවලා කියලා දන්නේ ඒ දෙන්න විතරයි. බස් ඩ්‍රයිවර්ලගේ නාඩි ඇල්ලීම, කපාගෙන යාම , ආදී ශිල්ප සාශ්තරත් ඔය අස්සේ මම ඉගෙන ගත්තා. සමහර වෙලාවට ටයිම් කීපර් වැඩෙත් කරලා තියෙනවා. හුඟක් අය හිතන්නේ මම ඔෆිස් එකක වැඩ කරන කෙනෙක් කියලා. උදේට කෑම ගන්නේ ඔමාරගොල්ලේ තේ කඩෙන්. ඩ්‍රයිවර්ලා මාව එයාල කෑම කන කැබින් එකට එක්ක යනවා. මගෙන් සල්ලි ගන්නේ නෑ. සමහර දවස් වලට පැය 4ක් බස් එකේ යනකොට මුත්‍රා කරන්න අවශ්‍ය වෙනවා. එතකොට ඉතින් ඩ්‍රයිවර් මල්ලි කැලයක් අයිනේ කාටත් නොදැනෙන්න මට අදාළ පහසුකම සලසනවා. මම මේ දුෂ්කර ක්‍රියාව අවුරුදු 10ක් තිස්සේ කළා. මම ඉතින් ඉල්ලන් කෑවාට, අපේ බුද්ධිමත් පරපුර කොළඹ පිටත වට රවුමට හරි ආසයි. මම නම් එහෙම ගොයියන්ට කියන්නේ උඹලා ඔක්කොටම ගේ ලඟින්ම ඉස්පිරිතාලයක් ගානේ හදා ගනිල්ලා කියලයි.
See More
 — with Priyanka Jayasooriya in Lat Krabang.AT Sudarshana






දැරණියගල යකා මහත්තයා හෙවත් කන්නාඩියා ; 

වෛද්‍ය නිලධාරියෙකු ලෙස මගේ පළමු පත්වීම ලැබුනේ දැරණියගල දිසා රෝහලට් 1997 වසරේදීයි. එහි එවක ලොකු දොස්තර මහතා උදේ 7 සිට තම පෞද්ගලික සායනයේ ලෙඩ්ඩු බලා රෝහලට් පැමිණෙන්නේ උදේ 9.30 ට පමණයි. කුකුලා අතේ අරන් වැඩට ඇවිත් ඉස්පිරිතාල හදන උණ වැලදී තිබු මා ගම වටේ සිටි කසිප්පු කාරයන් වාට්ටු තුලටම කසිප්පු ගෙනත් විකුණන එක නැවත්වීමට කටයුතු කිරීම නිසා රෝහලට් අලුත් යකෙක් පැමිණ ඇ...ති බවට ගම්මු කටින් කට පතුරුවා හැරියා. අඟහරුවාදා රාත්‍රී සේවයේ යෙදෙන මා නිදා ගත්තේ ඕ .පී .දී එකේ කුඩා කාමරයකයි. බදාදා වෛද්‍ය සායනයට නූරිය ,බොරලන්කඩ , උඩබාගේ ආදී දුෂ්කර ළාත්ප වලින් පැමිණෙන රෝගීන් උදේ 4 බසයෙන් ඇවිත් මගේ කාමරය අසල රැස් වෙන නිසා මගේ නින්ද කැඩෙනවා. පෙරලෙන පිට හොඳයි කියා සිතු මම සුළු සේවක හීන් බන්ඩා, ගුණදාස ආදීන් කැමති කරවාගෙන පෙරදා සිට සායන තුන්ඩු සකස් කරගෙන උදේ 5 ට ලෙඩ්ඩු බලන්න පටන් ගත්තා. හැබැයි කිසි හේතුවක් නිසා පෝලිම පනින්න දෙන්නේ නෑ. මේකට හුඟක් අය කැමති උනත් ප්‍රභූ පිරිස් කැමති නෑ. මම කාටවත් විශේෂශාත්වයක් දැක්වුයේ නෑ. කන්නාඩියා අපිව ගණන් ගන්නේ නැහැ කියමින් ඔවුන් මට දෝශාරෝපනය කළා.නමුත් මම ආපු පිළිවෙලට උදේ 11 සායනයට වන විට සායනයට ආ ලෙඩ්ඩු 300 ම පරීක්ෂා කරලා ඉවර කළා,.උදේ 8.30 ට ෆාමසි මහත්තයා වැඩට එනකොට ලෙඩ්ඩු පෝලිම එයා ළඟ. හැම ලෙඩාම 11.30 බොරලන්කඩ බස් එකේ ගෙදරත් ගියා. මගේ මේ වැඩ පිළිවෙලට ලොකු මහත්තයා සතුටු උනේ නෑ . (මගේ ඉස්පිරිතල සායනයේ ලෙඩ්ඩු වැඩිවෙන කොට එයාගේ කුස්සියේ සායනය වේලෙනවා ) කන්නාඩියා හෙවත් යකා ට එක්තරා රැයක මැර ප්‍රර්හාරයක් එල්ල උනා. ආත්මාරක්ෂාව පිණිස තාවකාලිකව වරකාපොල රෝහලට් ආණ්ඩුව මාව අනුයුක්ත කළා. මාසයයි ගියේ .දැරණියගල මිනිස්සු කෑගල්ල ප්‍රාදේශීය අධ්‍යක්ෂකට පෙත්සම් ගැහුවා, "සායන රෝගීන් බලන රිලීෆ් දොස්තර මහත්තයා ඉස්පිරිතාලෙට එනකොට උදේ 11 වෙනවා, ලොකු මහත්තයා සායන ලෙඩ්ඩු බලන්නේ නැහැලු, එයා පරිපාලනේ විතරලු , අපේ ලෙඩ උදේ පාන්දර බලපු යකා මහත්තයා ආයෙත් දරනියගලට එවන්න." කෑගල්ල ආර්.ඩී. සෑම් සමරසිංහ මහත්තයා මට කෝල් කරලා කිව්වා. දරනියගල මිනිස්සු ඔයාව් ඉල්ලලා අමාත්‍ය්ය්න්ශයට පෙත්සමක් එවලා ,ඔයා වහාම ආපහු දැරණියගල යන්න කියලා. ඕනෑ යකෙක් දෙකයි පනහයි කියලා හිතලා මම ආපහු දැරණියගල ගියා. ලොකු මහත්තයගේ නපුරුකම් අඩු වේවා කියල මුන්නේශ්වරමට භාරයක් වෙයන් කියලා තාත්ත කිව්වා. එයත් එක්ක ගිහින් භාරයක් උනා . අවුරුද්දකින් විතර ලොකු මහත්තයා මාරු වෙලා ගියා. මේ දුෂ්කර තැනට එන්න කවුරුත් කැමති උනේ නෑ . ඉතින් මම ඉබේම ඩී. එම් .ඕ .උනා. ඊට පස්සේ මට ඕනැ හැටියට ඉතා වේගයෙන් රෝහල සංවර්ධනය කළා. පරිපාලකයෙක් සඳහා පුහුණුවකට යන්න ඉතින් මම විතරනේ හිටියේ . මාව කළුතර සෞක්‍ය ආයතනයේ පුහුණුවට තේරුනා.එතනින් පටන් ගෙන. Consultant Administrator දක්වා වූ ගමන් මගේ ඉදිරියටම ගියා. උසස් අද්යාපනයට මාව දරනියගලින් නිදහස් කළා.ඒ වන විට මිනිස්සු මාව ඉතා ආදරයෙන් ඇමතුවේ කන්නාඩි මහත්තයා හෙවත් යකා මහත්තයා කියලයි.ඔවුන් බොහොම දුකෙන් මට සමු දුන්නා. පොසොන් පෝය දා මගේ උපන් දින සැමරුමට මේ සැමරුම හොඳයි නේද ? See More
 — in Bangkok, Thailand.






මගේ ක්‍රියා කලාපය අහම්බයක් නොවේ 

මා විසින් කල කී දෑ අදහා ගත නොහැකි අහඹු සිදුවීමක් ලෙස කිසිවක් සිතා ගත නොහැකි යයි බොහෝ අය මා ගැන Comment කර ඇති නිසා මෙසේ ලියා දක්වමි.
මා දන්නා පරිදි මාගේ වෘතීය සගයන් බහුතරයක් මා මෙන්ම මධ්‍යම පාන්තික පවුල් වලින් බිහි වී බස් වල කෝච්චි වල එල්ලී වෛද්‍ය පීටයට ගොස් පුංච් බොරැල්ලේ කුඩා බෝඩින් ජීවිත ගත කර චමරියෙන් හෝ කැන්ටිමෙන් වතුරයි බතුයි කා ඉතා කැපවීමෙන් පාඩම් කර ජීවි...තය ජය ගත්තෝ වෙති. මගේ දුෂ්කර අවදියේ මා ඇසුරු කල මිනිසුන් බහුතරයක් තවමත් මා සිටින තැනට පැමිණ නැති නිසා මා ආපසු ඔවුන් වෙත පැමිණ එදා ඔවුන් සමග කතා බහ කල සරල ආකාරයට ඔවුන් වෙත ගොස් ඔවුන්ගේ වේදිකාවේ වාඩි වීම මහා ලොකු වීර ක්‍රියාවක් නොව එය මෙලොව මිනිසෙකුට ආත්ම තෘප්තියක් ලැබිය හැකි පහසුම ක්‍රමයයි. එය නොදත් මෝඩ උගතුන් ලෙඩ්ඩු කරේ නගීවි කියා හෝ status එකට ඕනෑවට වඩා හොඳ මූන පෙන්නීම අහිතකරයැයි සිතන්නේ නම් එවැනි රෝගී උගතුන් ගැන මා මක් කරන්නද? එදා පොල් කොටයක් උඩ වාඩි වූ මට දොස්තර වූ පලියට එසේ කිරීම් අකැප යයි කියන්නේ මොන විකාර dicipline code එකක් අනුවද ? රෝහල් වල අඩුපාඩු කෙසේ හෝ පිලිසකර කිරීමේ මොලේ අමාරුවට් බොහෝ දෙනෙක් කැමැති නිසා එම රෝගය සමග මා තවමත් ජීවත් වෙමි. මා දන්නා පරිදි අපේ රටේ වෛද්‍ය වරු බොහොමයක් මටත් වඩා ඉතා කාරුණික වෘතිකයන් පිරිසක්. මගේ ඇති වෙනසක් මට නොපෙනේ. මා රන් හැන්දෙන් කිරි කෑ එකෙක් නොවන බව පමණක් මට මතක තියේ. එසේ කිරි කෑ අය සමග කෘතිමව මිශ්‍ර වීමට මට අවශ්‍ය නොවේ. මන්ද ඒ අයට මා කරන මේ විකාර වැඩ සමග හැරෙන්නටවත් බැරි බැවිණි. (වරදක් වෙතොත් කමා කරත්වා) See More
 — in Bangkok, Thailand.






ටී.වී. දොස්තරලාගේ සම- හන් සමයම.---

අවුරුදු 100 ක් ජීවත් වූ අපේ බලන්ගොඩ ආච්චි නිතරම කිව්වේ අනේ මම දෙය්යන්ගේ පිහිටෙන් කොත්තමල්ලි ටිකක් ඇර වෙන බෙහෙතක් නම් කවදාවත් බීල නෑ ලෙඩක් නැතුව බෙහෙත් බොන්නේ මොකටදැයි කොලුවෝ කියලාය. ඒකටත් එක්ක නලාවක් කරේ දාගෙන දොස්තර වෙස් ගත් ටී .වී . නළුවෝ අපේ ගෘහනියන්ට කියන්නේ ලෙඩක් ඇතත් නැතත් එයා කියන එව්වා ටිකක් තේ එකට දාලා හැමදාම බොන්න කියාය. එයාව කුලියට ගත් එව්වා හදන සමාගම එ...ව්වා පැකට් ලක්ෂ ගානක් හදන නිසාත් ඒවා විකිණීමට හරකුන්ව රවට්ටවා ගත නොහැකි නිසාත් ලේසිම කස්ටමර් වන්නේ, වගේ වගක් නැතිව ටී වී දොස්තරලා කියන ඕනෑ දෙයක් දරුවන්ට ගිල්ලවන අපුරු නාරි ලතාවන් නිසාත්, එව්වා දුන්නට් කමක් නැද්දැයි දොස්තර මහත්තයාගෙන් අහන්නේ අවුරුදු ගානක් බිව්වට පස්සේ නිසාත්, එව්වගේ අන්තර් ගතය හෝ අතුරු ආබාධ පිලිබඳ පැකට්ටුවේ සඳහන් නොවන නිසාත්, බුදු අම්මෝ ශ්‍රී ලංකා ලබන මාසේ ලෙඩක් හැදෙයි කියලා අද ඉඳලා බෙහෙත් බොන්නේ මොන රටේ එව්වෝද කියලා නිකමටවත් හිතන්නේ නැති නිසාත්, අන්තිමට කියන්නට ඇත්තේ ලෙඩා මලත් බඩ සුද්දයි කියාය. සැ.යූ; ( මෙම කිසිඳු කොම්පැනියක් සමග මාගේ කිසිඳු අමනාපයක් නොමැති අතර මෙය ලිවෙමේ අරමුණ කිසිඳු වග විභාගයක් නොමැතිව, වෛද්‍ය උපදෙස් වලින් තොරව අනවශ්‍ය ලෙස කෘතිමව ඇති කර තිබෙන ඖෂධ ගැනීමේ අලුත් ප්‍රවණතාවය පිළිබඳව වසර 18 සේවා පළපුරුද්දක් ඇති මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් බිහිවූ වෛද්‍යවරයෙකු ලෙස මගේ රටවැසියාගේ අවධානය යොමු කිරීම පමණයි ) See More
 — in Bangkok, Thailand.





ශ්‍රී ලංකාවේ මා හට පරිපාලනය භාර වූ රෝහල් 10 ක දී මට හැදුනු මොලේ අමාරුවේ රෝග ලක්ෂණ ---
 
1. හැමදාම උදේ 8 ට වැඩට යාම.
2. ගිලීමට පහසු නිසා උදේට ටී බනිස් ගෙඩියක් කා ප්ලේන්ටියක් බීම.
3.පෙ.වැ8.20 ට සියලු කාර්යාල පොත් අත්සන් කර වසා දමා තරහකාරයන් බෝ කර ගැනීම.
4.ජංගම දුරකථන අංකය රෝහලේ ප්‍රදර්ශනය කිරීම....
5.මහජනයාට දුරකතනයෙන් කතා කර කාර්යාලයේදී ඕනෑම දවසක හමු වීමට අවස්තාව දීම්.
6. මහජන පැමිණිලි කාර්යාලය තුලදීම අදාළ පුද්ගලයන් කැඳවා විසදීම.
7.කුනු කානු වැසිකිලි වලවල් ලඟට හිරිකිතයකින් තොරව ගොස් හැකි ඉක්මනින් පිළිසකර කිරීම් කිරීම.
8. ඔව්ර්සියර් ගේ රාජකාරිය ඌ නොකලොත් කරන හැටි කරලා පෙන්නීම.
7.වෙලාවට නොඑන දොස්තර මහතුන්ගේ කාර් දෙස ගේට්ටුව අසලට වී බලා සිටීම.( දොස්තර මහත්තුරු කියන දේ අහනවා )
8. සවස් වරුවේ වාට්ටු ගානේ රවුම් ගසමින් කාර්ය මණ්ඩල තරහ කර ගැනීම .
9. රාත්‍රී 10 ට වෝඩ් රවුන්ඩ් කර නර්ස් ෝනලා තරහා කර ගැනීම.
10. රෝහලේ සුළු ඉදිකිරීම් කොන්ත්‍රාත් කරුවන්ට් නොදී නඩත්තු අංශය ලවා ඉටු කරවා ගැනීම.
11.රෝහලේ හතර වටේ ඇවිද කකුල් අමාරුව හැදුනාම ලජ්ජා නැතිව බිම ඉඳ ගැනීම.
12. බෙහෙත් කවුළු අසල පෝලිම දිග වෙන විට ෆාමසිස්ට්ලා සමග කතාවට ගොස් යූනියන් ලීදර්ලා අවුස්සා ගැනීම.
13.ගෙදර ආ පසුත් මහා රෑ වනතුරු දුරකතනයේ රෝහලේ ප්‍රශ්න වලට උත්තර දීම ( හාමිනේ හොඳ හින්ද හොඳයි )
14. රෝහල air port එකක් වගේ වැරදි අඩුවෙනුත් 5 star hotel එකක් වගේ ප්‍රසන්න පිළිගැනීමකුත් තිබිය යුතුයි කියා පිස්සු කතා කීම.

15.සතියකට වරක් සිස්ටර්ලා සමග ප්‍රගති සමාලෝචන රැස්වීම් තැබීම.
16. සමහර විට ඉස්කූල ප්‍රින්සිපල් කෙනෙක් වගේ සේවකයන්ට අවවාද දී යහමගට ගැනීමට උදව් කිරීම.
17.රෝහල් කැන්ටිමෙන් මහජනයා සමග ගැටෙමින් කෑම කන පුරුද්ද.
18.හැමෝටම එක හැන්දෙන් බෙදීම.
19. උදේට ටයි දමාගෙන සිටියත් සවසට කමිස මාරු කර සෙරෙප්පු දමාගෙ රෝහලේ එක එක තැනින් මතු වී සේවකයන් අපහසුතාවයට පත් කිරීම.
20. හැමෝගෙම ප්‍රශ්න කෙසේ හෝ විසදීමට ඇති බලවත් ආශාව.

මේ රෝග ලක්ෂණ ශ්‍රී ලංකාවේ පරිපාලනය කොහෙත්ම නොගැළපෙන බැවින් හැම විටම මේ පිස්සුව හොඳ කර ගැනීමට උත්සාහ කලත් මේ වනවිට මා රෝහලක් නොවන සේවා ස්ථානයක් තෝරා ගෙන ඇති බව කාරුණිකවදන්වා සිටින අතර එබැවින් හදිසියේ රෝගය සුව කර ගැනීමට මාගේද උනන්දුවක් නොමැත. ගොඩ වෙද්දු අනවශ්‍යයි.
See More
 — with Pubudu Pathiraja.






මිනිසුන්ට පීඩා ගෙන දෙන ව්‍යසනයන් තුරන් ිරීමටක ිසිවෙකුක හෝ ඉදිරිපත් නොවේනම් ඔබ විසින්ම එය නිම ලක යුතු වේ (අබ්දුල් කලාම්) ----'
කාට හරි හිතෙන්න පුළුවන් ආසාවට තොප්පියක් දාගෙන වලක බැහැල ෂෝ එකක් දානවා කියලා. මේක තමයි රාගම ශික්ෂණ රෝහලේ අපද්‍රව්‍ය රෝහලින් බැහැර කරන මහාචාර්ය ඒකකය අසල ඇති විශාලම ගලි වල. මම රාගම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වරයා ලෙස සේවයට ගොස් දෙවැනි දවසේ මෙම ගලි පද්ධතිය සම්පූර්ණයෙන්ම සෝදාගෙන ...ගොස් ගිලා බැස අපද්‍රව්‍ය උතුරා යන බව මට පෙන්නුවේ මෙම රෝහලේ තත්ව කළමනාකරණ ඒකකයේ වෛද්‍ය වරයා. සියලුම කොන්ත්‍රාත් කරුවන් ලක්ෂ ගණන් ලන්සු තියමින් කේවල් කරමින් වැඩේ මග හරිමින් සිටියේ කුට්ටිය කඩා ගන්න වෙලාව එනකන්. එවකට රෝහල් අධ්‍යක්ෂවරයා වූ සෑම් සමරනායක මහතා මට වැඩේ පැවරුවා. අතිශය සෝදා පාලුවට ලක්වී ගිලා බැස තිබු මෙහි බිම් සකස් කිරීමට වැලිසර නාවික හමුදාවේ නිලධාරීන් 50 ක් දින දෙකක ශ්‍රමදානයක් කළා. නඩත්තු අංශයේ අයට මේසන් බාස් කුලියාපිටියෙන් ගෙනත් දුන්නා. වැඩේ බරපතල නිසා මහර බන්ධනාගාරයේ රැඳවියන් 50 ක් ශ්‍රමදාන පදනමට අරගෙන ආවා. රැඳවියන් ,නාවික සෙබළු වගේ වැඩ කරන්න ආස නෑ. පොඩ්ඩ බැරි වෙනකොට එහෙ මෙහෙ කල්ලි ගැහෙනවා.ඉතින් බාස්ට අත් උදව්වට මාත් වැඩට බැස්ස. සමරනායක සර් කොන්ක්‍රීට් අනන්න හොර්ස් බටේ අල්ලාගෙන හිටියා. ශ්‍රමදාන දින තුනක් ගියා. මම රෝහලෙන් එනකොට නම් ආයේ කවදාවත් වල උතුරලා ගියේ නෑ. පසුගිය සතියේ රාගම ඉස්පිරිතාලේ ලෙඩ ඇඳේ ඉන්නකොට මට සේවකයෝ කල ගුන දැක්වුයේ මේවට තමයි. මේක උනේ රජ කාලේ නෙවයි. 2015 දෙසැම්බර් මාසේ. ( දැන් ඉතින් අහන්න ඉඩ තයෙනවා ඕව නියෝජ්‍ය අද්‍ය්ක්ෂකලට අයිති වැඩද? මොලේ අමරුව්ද ? කියලා ). ඒවාට උත්තර ස්වභාව ධර්මය වේලාවට අවශ්‍ය එවුන්ට දෙයි. අඩු ගානේ හදපු එක නඩත්තු කර ගත්තොත් එක තමයි ලොකුම උදව්ව. See More
 — with Priyanka Jayasooriya.



මහ කැලේ මිණී කැපු දැරණියගල DMO

 --වර්ෂ 2002 වන විට මා සේවය කලේ දැරණියගල District Medical Officer විදිහට. මාලිබොඩ, බොරලන්කඩ ,නුරිය ආදී ඉතා සුන්දර ගම්මාන මගේ කලාපයට අයිතියි. මට පෙර සිටි අය මේ කැලේ යන්න අකමැති නිසා දැරණියගල පොලිසිය රෝහලට ගේන්නේ කුණු වූ මල සිරුරයි. තම අනියම් බිරියගේ ගෙල කපා මරා දැමු අයෙක් මෙවැනි දුෂ්කර කැලේක කිතුල් ගහක එල්ලී මැරුණු මරණ පරීක්ෂණයට පොලීසිය මාව එක්කගෙන ගියා. ජීප් එකෙන් යන්...න පුලුවන් උනේ මගට විතරයි. මීටර් 500 ක විතර පාතාලයකට බහින්න තිබුනා. වී මෝල් වල භාවිතා කරන දිග පටියක් ආධාරයෙන් හොඳ උස මහත පොලිස් නිලධායෙක් වඩාගෙන වගේ මාව පාතාලය‍ට බැස්සුවා. එතැන තිබුන ගල් තලාවක POST MORTEM එක කරලා ආයේ කන්ද උඩ තිබුන ගෙදරකදී කොරෝනර් මහත්තයා එක්ක මරණ පරීක්ෂණය ඉවර කළා. වෙලාව හවස 2 ට විතර ඇති.ඉලුක් කැලේ ගිහිල්ල මුළු ඇඟම කසනවා. මල්ලි මට නා ගන්න විදිහක් තියෙනවද කියලා ඇහුවා විතරයි වැඩේ ඉක්මනට කරලා දුන්න ප්‍රීතියට කොල්ලෝ ටික මට නාන්න වැඩේ සැලැස්සුවා. සුවඳ සබන් කෑල්ලක් එක්ක තුවායක් ලැබුණා. මාරු කරන්න ඇඳුම් නෑ. කමක් නැ සර් පීල්ල ළඟ කවුරුත් නැ . අපි මුරට ඉන්නම් සර්ට හිතේ හැටියට නා ගන්න කිව්වා. කොල්ලෝ මුර කළා, මම උපන් ඇඳුමෙන් හීතල පීල්ලෙන් සැපට නා ගත්තා. නාලා ඉවර උනාම අලුත් යෝජනාවක් ආපි. සර් අල්ලපු වත්තේ හොඳ කිතුල් රා තියෙනවා. මොකද කියන්නේ. මොනා කියන්නද දැන් මගේ ඩියුටි වෙලාවත් ඉවරයි.පොලිස් රාළහාමිගේ කරේ ගිහිල්ල මුළු ඇඟම රිදෙනවා. ගෙදර යනකොට කොහොමත් රෑ 9 වෙයි. හ්ම් ..කිව්වා. පොලිස් ආරක්ෂාව යටතේ රා බෝතල් දෙකක් එක්ක උණු උණු වඩේ පිගානක් මේසෙට වැඩිය. සර් බෝතල් දෙකම බොනවද කියලා මඩ නාගෙන හිටපු පොලිස් රාලහාමි මගෙන් ඇහුවා. මම නෑ කිව්වා එච්චරයි. ගල් තලාවේ ඉඳලා මිනිය පෙට්ටියක දාල පොඩි කාලේ කොලපත් අදිනවා වගේ උඩට ඇදලා ගත්තා. මරණ පරීක්ෂනය තමන්ගේ දුෂ්කර ගමටම ඇවිත් කරලා දීපු එකට පොලිසිය ඇතුළු හැමෝම මට පින් දුන්නා. ඒත් ඉතින් මට පොඩ්ඩක් වෙරි. රාලහාමිට ගානක්වත් නෑ. පොලිසිය මාව කොලඹ බස් එකට ගෙනත් ඇරලුවා. (දැන් ඉතින් රා බීපු එක ගැන WORRY වෙන එකක් නෑ කියලා මම හිතනවා. මොකද ඒක ඒ ගම්මුන්ගේ ඉහලම ආගන්තුක සත්කාරය ) See More
AT Sudarshana







දොස්තර නෝනාගේ රැග් එකට OPD රෝගියා කල සොඳුරු පළිගැනීම-- 

පලවෙනි වර උසස් පෙළ විභාගයෙන් විෂයන් තුනක් පමණක් සමත් වී සිටි මම දෙවන වර උසස් පෙළ ZOOLOGY CLASS එකට සවස 2 ට දුම්රියෙන් ගම්පහට යාමේ සැලසුම ඇතිව පිට ගැස්ම සඳහා එන්නතක් ලබා ගැනීමට පාන්දර 7 ට පමණ එවකට (1987) රාගම මහා රෝහලේ OPD එකේ පෝලිමේ හිටගෙන මගේ වාරය එනතුරු සිටියා. ඕනෑවට වඩා deacent වීම නිසා අනිත් අය පෝලිම පනිද්දී කොයි වෙලාවේ හෝ මා හට සාධාරණය ඉෂ...්ඨ වෙතැයි අපේක්ෂාවෙන් ඉවසීමෙන් පෝලිමේ සිටි මට දෙයියෝ මූණ බැලුවේ හරියටම දවල් 12 ටයි. ඉතුරු උණ එකම ලෙඩා මම. මේසය ළඟ දොස්තර නෝනා නර්ස් නෝනා එක්ක බර කතාවක. කතා කෙරුනේ දොස්තර නෝනගේ ළදරුවා ඇවිදින්න පටන් අරන් මේ දවස් වල සිදුවෙන අපුරු වැඩ ගැනයි. කතාව නවත්වන පාටක් නැති නිසා ඔවුන්ගේ කතාවට බාධා කරමින් මම ආපු කාරණය දොස්තර නෝනට කිව්වා. " අයියෝ දැන් ලෙඩ්ඩු බලලා ඉවරයිනේ. මේ බෙහෙත විද ගන්න 2 න් පස්සේ එන්න." කියලා දොස්තර නෝනා කියාපි. "මම උසස් පෙළ හදාරන ළමයෙක්. මට හවස 2 ට මගේ ZOOLOGY පන්තියට යන්න ඕනෑ. මට දැන් මේක විද ගන්න උදව් කලොත් ලොකු පිනක්." මගේ පිළිතුර උනා. අයියෝ ප්‍රශ්නයක් නැ, අද ඔයා ක්ලාස් ගිහිල්ල හෙට එන්න. එයාගේ උත්තරයට මුළු ලෝකෙම කඩාගෙන වැටුණා. උත්සාහය අත් නොහැරිය මම යාබද මේසෙ හිටපු නෝනා කෙනෙක් ලඟට ගිහිල්ල මගේ දුක කිව්වා. " අයියෝ මුනා කොරනව්ද අප්පා, මේ පෝලිමේ ඉන්න ඔනී නේ අනේ, එහා පෙත්තේ රූම් ගිහිල්ල ඉන්ජෙක්ෂන් ගා ගන්ඩ ළමයා " කැඩුණු සිංහලෙන් ඇසුණු මිහිරි වචන අදත් මගේ දෙසවන දෝන්කාර දෙනවා. එන්නත ලබාගෙන ආපසු කාමරය අසලට එන කොටත් දොස්තර නර්ස් ජෝඩුව තාම කයිවාරුව. දොස්තර නෝනගේ මුහුණ දිහා බලාගන මම මුමුණපු වචන තවම මට කට පාඩම්. - "අඩෝ දොස්තර නෝනා , අද ඉඳලා ට්‍රය් කරලා ඔලුවේ පන තිබුනොත් මම පස්ස බලන්නේ දොස්තර කෙනෙක් වෙලා. ඒත් උඹ මට අද කරපු බලු වැඩේ මම කවදාවත් අසරණ මිනිස්සුන්ට කරන්නේ නෑ. අනිත් එවුන්ට කරන්න දෙන්නෙත් නෑ." - මගේ පරිපාලනයට නතු වූ හැම රෝහලකම මම මේ නීතිය අකුරට ඉටු කළා. මාව මේ තත්වයට පත් කරපු ඒ දොස්තර නෝනට බොහොම ස්තුතියි. See More